
(ප්‍රියාණි මංගලිකා )
රස්නායකපුර ,කඩිගාව,සිංගංදලුව ප්‍රදේශයේ පොල්වත්තක ඇද තිබු අනවසර විදුලිය රැහැන් වල පැටලීමෙන් එළුවන් 12 දෙනෙකු සහ ප්‍රදේශයේ බල්ලන් තිදෙනෙකු මිය ගොස් ඇති බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කල බව රස්නායකපුර පොලීසිය පවසයි.
එම පොල් වත්තේ ඇද තිබූ විදුලිය රැහැන් වල පැටලී, විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බවට එම ගොවි මහතා පොලීසියට 21දා පැමිණිලි කල බවද ,ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
එළුවන් 12 දෙනෙකු සහ බල්ලන් තිදෙනෙකු පොල් වත්තේ තැනින් තැන වැටී මියගොස් සිටි බවද ,අදාල අනවසර විදුලිය රැහන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කලේය .
මෙලෙස පොල් වත්තේ විදුලි රැහැන් ඇද පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.