(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විහාරගම ප්‍රදේශයේ පදිංචි ගම්මාන නවයක ජනතාව තමන් පදිංචිව සිටින ඉඩම් සඳහා බිම් සවිය යටතේ ඔප්පු ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර ඩි.එස්.පිළිරුව ඉදිරිපිට අද (08) නිහඬ විරෝධතාවයක නිරත වූහ.
ශ්‍රී මහ බෝධිය අනුරාධපුරයට වැඩම කරන ලද අවස්ථාවේ ශ්‍රි මහ බෝධියේ ආරක්ෂාව සහ ආවතේව භාරව සිටි බෝධි ගුප්ත පරම්පරාවෙන් පැවත ආ මෙම පිරිස මෙම ගම්මාන නවයේ ඉතා දිර්ඝ කාලයක් පදිංචිව සිටිති.
එහෙත් පරම්පරා ගණනාවක් පදිංචිව සිටියද මෙම පිරිසට මෙතෙක් එම ඉඩම් සඳහා ඔප්පු ලබා නොදීමට විරෝධය පල කරමින් ඔවුන් මෙසේ නිහඬ විරෝධතාවයක නිරත වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විහාර හල්මිල්ලකුලම ශ්‍රි සුගතාරාම විහාරාධිපති ගෝනගල ඤාණාලෝක හිමියන් මෙසේ පැවසුහ.
‘‘මෙම පිරිස දිර්ඝ කාලයක් තිස්සේ මෙම ඉඩම්වල පදිංචිව සිටිනවා.සමහර අයට ඔප්පු ලබාදී තිබෙනවා.එහෙත් දැන් විහාරගම් පනත යටතේ ඔප්පු ලබා දෙන්නේ නැහැ කියනවා.මේ අයට තමන්ගේ නිවාස හදා ගන්න ණය මුදලත් ලබා ගන්නවත් ඔප්පුවක් නැහැ.එම නිසා මේ අයට ඔප්පු ලබාදිමට රජය මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටින බව‘‘ උන් වහන්සේ මෙහිදි පැවසුහ.
ඔප්පු ලබාදීම සම්බන්ධයෙන් මෙම හිමියන් ඇතුළු පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නායක මහතා සමඟ සාකච්ඡාවකටද එක්විය.එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කොට ඇත්තේ මෙම ඉඩම් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බවයි.
සංවර්ධනය කර ඇති ඉඩම් සඳහා ඔප්පු ලබාදීමට ඉදිරියේදි පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මෙහිදි මෙම පිරිසට පැවසීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.



2025 දෙසැම්බර් මස 04
153
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුරාධපුර නගරයේ ගම්මාන 9 ක ජනතාව නිහඬ විරෝධතාවයක