(ක.ග.කරුණාරත්න)
අරලගංවිල පොලිස් වසමට අයත් සිරිපුර ප‍්‍රදේශයේ පිහිටි කුඹුරකට ඇද තිබූ අනාරක්‍ෂිත විදුලි රැහැනකට පැටලී අද(20) පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ සිරිපුර,කලූකැලේ,අංක 352 ලිපිනයේ පදිංචිව සිටි ඇපල් කොටුවේ විදානෙලාගේ මහේෂ චතුරංග සෙනෙවිරත්න නැමැති 31 හැවිරිදි අයෙකි.
විදුලිය සැර වැදීමෙන් පසු හෙතෙම ප‍්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කලේය.
වන අලින්ගෙන් වී වගාව ආරක්‍ෂා කරගැනීමට මේ අනාරක්‍ෂිත විදුලිය රුහැන ඇද තිබූ බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණයවී ඇත.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd