(දයාරත්න ඇඹෝගම)
ජලය නොමැතිකමින් මියයමින් පවතින පූදින ගොයම බේරාගැනීම සඳහා අන්දරගොල්ලෑව වැවේ ළිඳක් කපා ගැනීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර නොදෙන බව හොරොව්පොතාන ගොවීහු පවසති.
හොරොව්පොතාන වලහවිද්දවැව අන්දරගොල්ලෑව ප්‍රදේශයේ වගා කොට ඇති කුඹුරු අක්කර 100 ක පමණ ගොයම ජලය නොමැතිවීම නිසා විනාශයට පත් වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්දරගොල්ලෑව ගොවි සංවිධානයේ සභාපති එස්. හාජිදින් මහතා මෙසේ පැවසිය.
“අන්දර ගොල්ලෑව වැවේ වතුර හිඳිලා. වැව යටතේ වගා කරපු වී පැළ දැන් පූදිනවා. වතුර නැති නිසා අක්කර 25ක් විතර ප්‍රයෝජනයක් ගන්න බැරි විදියට මැරිලා ගියා. තවත් අක්කර 80ක් විතර ඉතිරි වෙලා තියෙනවා. ඒ ගොයමවත් බේරාගන්න වැවේ ළිඳක් කපලා දෙන්න කියලා හොරොව්පොතාන ඩීඕ මහත්තයාගෙන් ඉල්ලීමක් කළා. තවම අවසරයක් ලැබුණේ නැහැ.
වැවේ මීට පෙර කපපු ළිඳක් තිබෙනවා. ඒකවත් හාරා ගන්න අවසර දුන්නේ නැහැ. මේ පැත්තේ මිනිස්සු බොහොම අමාරුවෙන් මේ කුඹුරු වැපිරුවේ. කණකර පවා උකස් කළා. ණය වුණා. අඩුගානේ ණයවත් බේරගන්න පුලුවන් වෙන්නේ කුඹුරු පැහුනොත් විතරයි”
මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් අසංක සෝමවංස මහතා ගෙන් කළ විමසුමේදී ඔහු මෙසේ පැවසීය.
“අන්දරගොල්ලෑව ගොවියන් කළ ඉල්ලීම ගැන හොරොව්පොතාන ප්‍රදේශීය ගොවිජන සංවර්ධන නිලධාරිවරයාත් අපට දැනුම්දුන්නා. සමහර ගොවියන් වැව් ඇතුළේ ළිං කැපුවට පස්සේ නවැත තිබූ පරිදි වහන්නේ නැහැ. ළිඳ කැපුවට පසු නැවත වසා දමන බවට ගොවි සංවිධානයෙන් ලිඛිතව පොරොන්දුවක් ලබා ගෙන ඉදිරිපත් කරන්න කියලා මම ගොවිජන සංවර්ධන නිලධාරිවරයාට උපදෙස් දී තිබෙනවා.
වැව්වල ළිං හෑරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ආධාර ලබාදීමේ වැඩ පිළිවෙළක් නැහැ. ඒ සඳහා ගොවි සංවිධානය මගින් වියදම් දැරිය යුතුයි”



2025 දෙසැම්බර් මස 04
305
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අන්දරගොල්ලෑව වැවේ ළිං කැපීමට නොහැකිව ගොවීන් අමාරුවේ