(ඩයනා උදයංගනී)
ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වූ අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරයෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශක්ති සේනාරත්න ශිෂ්‍යයා සමත්විය.
මෙම තරඟය ජූලි මස 15 සිට 22 දක්වා පැවති අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියන් සිවු දෙනෙක් මේ සඳහා සහභාගී වූහ.
වෙන්නප්පුව ජෝසප්වාස් විද්‍යාලයේ ජී. ගුණසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලයේ චමෝද් මධුශංක එදිරිසිංහ සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ උදාරා සමරනායක ඒ සඳහා සහභාගී වූ අනෙකුත් සිසු සිසුවියන් වන අතර එහි කණ්ඩායම් නායකයන් ලෙස මහාචාර්ය හිරාන් අමරසේකර සහ මහාචාර්ය ජයන්ත විජේරත්න යන මහත්වරු සහභාගී වූහ.
මෙවර මෙම තරගාවලිය සඳහා රටවල් 78 කින් සිසුන් 270 ක් සහභාගි වූහ. අන්තර් ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය විවිධ රටවල උසස් පෙළ හදාරන පාසල් සිසුන් අතර වාර්ෂිකව පැවැත්වෙන තරඟයකි.
මෙම තරගයේදී ඔවුන්ගේ ජීව විද්‍යාත්මක දැනුම මෙන්ම ජීව විද්‍යාත්මක සිද්ධාන්ත සහ ප‍්‍රායෝගික දැනුම, කුසලතා සහ නිර්මාණශීලී භාවය, ගැටලූ විසඳීමට ඔවුන් සතු හැකියාව ආදිය පරීක්ෂා කෙරේ.
මෙවර මෙම තර`ගාවලියේ ප‍්‍රථම ස්ථානය වියට්නාමය, චීනය සහ තායිවානය යන රටවලට හිමිවිය.

COMMENTS
ඔබේ අනාගතයට ජය වේවා පුතා. දේශපාලුවන් සම්බන්ධ ප්‍රවෘත්ති වලට ඕන තරම් අදහස් දාන කට්ටිය හිටියට මෙවැනි රටේ අනාගත සම්පත් වලට සුබ පතන්න කට්ටිය නැහැ. කණගාටුයි
අප රටෙහි විද්‍යා අධ්‍යාපනය ඉහල තලයකට ගෙන යාමට මෙවැනි අන්තර්ජාතික ජයග්‍රහණ ඉතා වැදගත්.
ඉදිරියටත් ජයෙන් ජයම ජයවේවා ! අපේ සුභපැතුම් !