IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අධි අවදානම් කලාපවලින් වතුකරයට ආ නිරෝධායනය ⁣නොවු පිරිසක් හමුවීමෙන් ගැටලු රැසක්


සමන් පාලිත නානායක්කාර 

 කොළඹ ප්‍රදේශයේ කොරෝනා  අධි අවදානම් කලාපවල සිට  වතුකර ප්‍රදේශවලට නිරෝධායනය නොවී පැමිණි විශාල පිරිසක් සිටීම  ගැටලුවක් වී ඇති බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ඩබ්ලිව් වසන්ත සම්පත් මහතා අද (4) පැවසීය . 

පූනාගල , මකල්දෙනිය,  ලොවර් ඔහිය,    ඉදල්ගස්හින්න,  නීඩ් උඩ්,  පරණ වත්ත, බත්ගොඩවත්ත, කොස්ලන්ද වත්ත, මීරියබැද්ද, ප්‍රදේශවලට  නිරෝධායන නොවී කොළඹ ගම්පහ පුත්තලම වැනි අධි අවධානම් දිස්ත්‍රික්ක වල රැකියාවල නිරතව සිට නිරෝධායන නොවී පැමිණි දහස් ගණනක් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

 අවදානම් කලාපවල සිට පැමිණි අය කිසිදු ලියාපදිංචියක් හෝ දැනුම්දීමක් කර නැති  බවත් තොරතුරු හෙළි නොකර සැඟවී සිටින අයුරු නිරීක්ෂණය වන බවත් ඔවුන් හඳුනා ගැනීම ඉතා අසීරු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි .එම ප්‍රදේශවලින් කොරෝනා  රෝගියකු මතු වුවහොත් විශාල  අවුල් සහගත තත්ත්වයක්   ඇති වන බව ද වසන්ත සම්පත් මහතා වැඩිදුරටත් පැවසීය.

 නිරෝධයන සහතික රැගෙන එන අය ඉන්නේ ඉතා සුළු සංඛ්‍යාවක් බවද නිවෙස් වලට යාමට යැයි පවසමින් පොලිසි වලට ගොස් ඇඳිරිනීතිය බලපත්‍ර ගෙන ඔහු පැමිණි ඇති බවද පෙන්වා දෙන වසන්ත සම්පත් මහතා  මෙම පළාත් වලට මිනිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවයද පෙන්වා දෙයි .

 තවදුරටත් කරුණු දක්වමින් ප්‍රසන්න සම්පත් මහතා සඳහන් කළේ ලයිම් කාමරවල ජීවත් වන අය නිරෝධනයට යොමු කිරීම ගැටළුවක් බවයි. කුඩා ඉඩක විශාල පිරිසක් එකට   සිටීම ඊට හේතුව බව ද ඔහු පෙන්වා දෙයි. 



අදහස් (0)

අධි අවදානම් කලාපවලින් වතුකරයට ආ නිරෝධායනය ⁣නොවු පිරිසක් හමුවීමෙන් ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site