(දිලීප් ජයසේකර)
මත්තල - මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වල්සපුගල ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට වන අලි ඇතුළුවීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති විදුලිවැටෙහි කම්බි කපා සොරාගත් කොන්ත්‍රාත් සමාගමක සේවකයකු අද(09) අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව වල්සපුගල සුරනිමලගම පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු දහවල් කාලයේ කොන්ත්‍රාත් සමාගමේ විදුලි වැටෙහි කම්බි සවිකරන්නෙකු ලෙස කටයුතු කර ඇති බවත්, රාත්‍රී කාලයේ නැවත ඔහු හොර රහසේ අධිවේගී මාර්ගයට ඇතුළු වී එම සවිකරන ලද කම්බි තැනින් තැන කපා ගොස් අලෙවි කර ඇති බවත් ප්‍රශ්නකිරීම්වලදි අනාවරණය වී තිබේ.
දක්ෂිණ අධිවේගි මාර්ගයට වන අලි ඇතුළුවීම වැළැක්වීම සඳහා මාර්ගය දෙපස විදුලි වැටක් ඉදිකර ඇති අතර ඊට යොදා ඇති කම්බි අවස්ථා කිහිපයකදීම කිසියම් අයෙකු කපාගෙන ගොස් ඇති බවට කොන්ත්‍රාත් සමාගමේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ඊයේ (08) සූරියවැව පොලීසියට පැමිණිලි කර තිබුණි.
පොලීසියට කළ විමර්ශනවලදී අධිවේගී මාර්ගයේ දෙපස සවි කර තිබූ රුපියල් 56,400ක් වටිනා කම්බි තොගයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු කලක් තිස්සේ මෙම කටයුතු කර ඇතිද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සම්පත් අවභාවිතය කරන්නාට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.