(රංජිත් රාජපක්ෂ )
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය හරහා අද(13) උදෑසන හමා ගිය දැඩි සුළගකින් හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට උණ බට කිහිපයක් කඩා වැටීමෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියකට හානි සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.
හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් වත්ත ප්‍රදේශයේදි මෙම උණ බට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට තරමක බාධා ඇතිව තීබීමෙන් ප්‍රධාන මාර්ගයට වැටි තිබු උණ බට කිහිපය කපා ඉවත් කිරිමට නොර්වුඩ් පොලිසිය කටයතු කර තිබුණි.
උණ බට කඩා වැටිමෙන් අලාභ හානි වු විදුලි රැහන් පද්ධතිය යථා තත්ත්වයට පත් කරන බව මස්කෙළිය විදුලි පාරිභෝගික සේව මධ්‍යස්ථානයේ නිලධාරින් කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd