(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ හිටපු කළමනාකාරිත්වය ක‍්‍රියාත්මක නොකළ අධිකරණ නියෝගයක් එහි නව සභාපති සහ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ප‍්‍රමඛ අධ්‍යක්ෂ මණ්ඩලය වසර තුනකට පසු ක‍්‍රියාත්මක කර ඇත.
අධිකරණ නියෝගය ක‍්‍රියාත්මක කර ඇත්තේ උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ සේවය කරන එල්. එම්. දිලීප පුෂ්ප සාගර මහතා එම ආයතනයේ සාමාන්‍යාධිකාරි තනතුරට පත් කරමිනි.
දිලීප පුෂ්ප කුමාර මහතා එම ඒජන්සියේ ගනකාධිකාරි තනතුරට හෝ සාමාන්‍යාධිකාරි තනතුරට පත් කරන ලෙස අනුරාධපුර කම්කරු විනිශ්චය සභාව එම පාලනාධිකාරියට 2016 වසරේ සැප්තැම්බර් 22 වන දින නියෝග කර තිබිණි.
එම නියෝගයට අභියෝගයට ලක් කරමින් එය බල රහිත කරන ලෙස ඉල්ලා එම ඒජන්සිය උතුරු මැද පළාත්බද මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. අභියාචනය සළකා බැලූ උතුරු මැද පළාත්බද මහාධිකරණය එය ප‍්‍රතික්ෂේප කරමින් දිලීප පුෂ්ප සාගර මහතා ගණකාධිකාරි හෝ සාමාන්‍යාධිකාරි තනතුරට පත් කරන ලෙස නියෝග කරමින් අනුරාධපුර කම්කරු විනිශ්චය සභාව ලබාදී තිබූ අධිකරණ නියෝගය යළි තහවුරු කළේය.
එහෙත් මහාධිකරණයේ නියෝගය ක‍්‍රියාත්මක කිරීම උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය පැහැර හැරියේය
අධිකරණ නියෝග දෙකක් ක‍්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ පාලනාධිකාරියට එරෙහිව දිලීප පුෂ්ප සාගර මහතා විසින් අධිකරණය හමුවේ නඩුවක් ද පවරන ලදී. එම නඩුව ජනවාරි 30 වැනිදා යළි කැඳවීමට නියමිත ය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිකරණ නියෝගයක් වසර 3කට පසු ක්‍රියාත්මක කරලා