IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 340ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ දසුන් රාජපක්ෂ)
 
බස්නාහිර පළාත තුළ  විවිධ වැරදි හේතුවෙන් අධිකරණය මගහැර සිටින  වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා  පැය 8 ට අධික කාලයක් පුරා කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී  වරෙන්තුකරුවන් 340 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය  කියයි.
 
මෙම  පිරිස අතරින් 197 දෙනකු  අධිකරණයෙන් විවෘත වරෙන්තුකරුවන් ලැබ සිටි පුද්ගලයන් බවද පොලිසිය සඳහන් කරයි.
 
ඊයේ (15) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පොලිස් ස්ථාන  කළ සෝදිසි මෙහෙයුමේ දී  මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
 
බස්නාහිර පළාතා බාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ සිදුකළ මෙහෙයුමට   බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 110 ක නිලධාරීන් සහභාගී වු බවත්  ඉදිරියේදීත් මෙම මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවද පොලිසිය පවසයි.
 



අදහස් (0)

අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 340ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site