(ඩී.ජී.සුගතපාල)

අධිකරණයේ නඩු කටයුතු පැවැත්වෙමින් සිටියදී නඩු කටයුතුවලට බාධා වන අයුරින් හැසිරී අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් පුද්ගලයකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (20) දඩයක් සහ බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර සිරදඬුවම දස වසරකට අත් හිටුවනු ලැබිය.

මෙසේ දඬුවම් නියම වුයේ මහදුර ටීමන් සිල්වා නමැති පුද්ගලයකුටය.

ඔහුගේ දියණියක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව රත්ගම පොලිසිය විසින් පවරා තිබු නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නිතිඥවරයා පැමිණිල්ලේ සාක්කිකාරියකගෙන් හරස් ප්‍රශ්න අසමින් සිටියදී අධිකරණ ශාලාවේ වාඩිවි සිටි ඔහු එක්වරම නිතිඥවරයා අසලට පැමිණ ආවේගශිලිව ඔය බොරු කියන්නේ කියමින් බාධා කිරිමත් සමඟ අධිකරණයේ පොලිස් නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කෙරිණි.

අධිකරණයෙන් සමාව අයැදි ඔහු චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙසේ දඬුවම් නියම කළේය.