ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව එජාපයේ නියෝජ්‍ය මහ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලී දේශපාලනඥයන් කිහිප දෙනකුම තමන්ට නාමයෝජනා දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ද , ඔවුන්ට අවස්ථාව දෙන අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, උගත් බුද්ධිමත් නවකයන් සහ කාන්තාවන් ඇතුළු ශක්තිමත් කණ්ඩායමක් මැතිවරණය ඉදිරිපත් කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවසීය.
COMMENTS
ජාතිකත්වයක් සහිත සැබෑ ශ්‍රී ලංකා පාක්ෂිකයන්ට විජාතිකයන් හට කත්අදින අය සමඟ කෑහැකි දීගයක් නැත. (නි)
ඔය ඉන්නේ හොරු ටිකයි දුෂණය කරපු කට්ටියයි. බේරෙන්න හොඳම විදිය බල්ටි ගහන එක තමයි.(නදී)
ප්‍රගතිශීලී ගෙඹි පිම්මට -සැලුන් දොර සිරි කොතට (නදී)
මේවා ජනතා අවදානය දිනාගන්න කරන ප්‍රකාශ . එහෙම නම් ශ්‍රීලනිප අයගේ නම් කියන්න තිබුනා..මේ කුඩා රැවටිලි තමයි දිනක මහා රැවටිල්ලක් බවට පත්වන්නේ. (නදී)
ඔබ හරි (අ)
රෝයි ඔය ටිකම තමයි මහින්ද මහත්තය ඉන්න කාලේ කලෙත්. අනිකුත් පක්ෂ භේද කරලා , කැලි කෑලි වලට කාලා විනාශ කළා. අද ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බූම රංගයක් වෙලා (නදී)
මහින්ද රාජපක්ෂටත් ඇරයුම් කරනවද? (නදී)
මෙන්න මේ අයට තමා මොළේ ඇති අය කියන්නේ. "අත" උඩ පරාද වෙනවාට වඩා "අලියා" පිටින්වත් මහගෙදරට යන්න හදන මේ අය තමා නියම මිනිස්සු. (ර)