(ඩයනා උදයංගනී)
කසළ එකතු කිරීමේ කම්පැක්ටර් රථ හා ට‍්‍රැක්ටර්වලට ගමන් කළ නොහැකි අතුරු මාර්ගවල කසළ එක්රැස්කිරීම සඳහා ‘කුරුම්බැට්ටියා’ නැමති පසුපස බක්කියක් සහිත පාපැදි මිලදී ගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස එකක් රුපියල් 1,80,000 ක මිලකට එම පා පැදි 10ක් මිලදී ගෙන ආගමික ස්ථාන හා පෞරාණික ස්මාරක පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා බෙදාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.
දේශීය නව නිපැයුම්කරුවකු වන සීමාසහිත නේෂන් අයි (පෞද්ගලික) සමාගම විසින් මෙම බහුකාර්ය පා පැදිය නිපදවා ඇති බව කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අතුරු මාර්ගයන්ට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි පරිසර හානි අවම, ‘කුරුම්බැට්ටියා’ නම් මෙම පාපැදිය කිලෝග‍්‍රෑම් 250-300 පමණ බරක් රැගෙන යා හැකි බක්කියක් සහිතව නිෂ්පාදනය කර තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.
නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව දැනට අතුරු මාර්ගවල කසල එක්රැස් කිරීමට භාවිතා කරන අත්ට‍්‍රැක්ටර් වෙනුවට මෙම පා පැදි යෙදවීමට රජය බලාපොරොත්තු වන බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.