(රංජිත් රාජපක්ෂ )
දින කිහිපයක් අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ සිරුර කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඇළ අසල උණ පදුරක තිබියදි අද (29) පස්වරුවේ සොයාගත් බව නානුඔය පොලිසිය පැවසිය.
මෙසේ සොයාගනු ලැබුවේ නානුඔය ඩෙස්පොඩ් වතුයායේ පදිංචි ගුණසේකරන් සිවන්රාජ් නැමති 14 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුරයි.
නානුඔය එන්ස්පොඩ් දමිල මහා විද්‍යාලයේ නව වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවා ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන්ව සිටි බවට එම සිසුවාගේ දෙමව්පියන් විසින් නානුඔය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අනුව පරීක්ෂණ ඇරැඹු පොලීසීය සහ වතුයායේ වතු කම්කරුවන්ට අද අතුරුදන් සිසුවාගේ සිරුර හමුවී තිබේ. නානුඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකාළයේ පරවෙන අහිංසක මල්. පුතේ ඔබට නිවන්සුව පතමි.