IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අතුරුදන් වූ පියාගේ අස්ථි කොටස් තේවතු යායකින් හමුවෙයි

රංජිත් රාජපක්ෂ                          

 

මීට මාස 9 කට ප්‍රථම අතුරුදන් වූ තිදරු පියකුගේ සිරුරේ අස්ථි කොටස් අද (18) තේ වතුයායක තිබී හමු වූ බව බගවන්තලාව පොලිසිය පවසයි.

මෙසේ අස්ථි කොටස් හමු වී ඇත්තේ බගවන්තලාව කොටියාගල වත්තේ පහළ කොටසේ පදිංචි එස්.සෙල්වම් (45) වයසැති අයගේ අස්ථි කොටස්ය.

අතුරුදන් වූ අයගේ බිරිඳ සහ දරුවන් විසින් අස්ථි කොටස් තිබී හමු වූ ස්ථානයේ තිබු ඇඳුම් කොටස් වලින් මෙම අතුරුදන් වු අයෙගේ අස්ථි කොටස් බවද හඳුනාගෙන ඇත.

අතුරුදන් වූ අය භාවිතා කරන ලද  ජංගම දුරකථනය ඔස්සේ බගවන්තලාව පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර ජංගම දුරකථනය තවදුරටත් ක්‍රියාකාරි තත්ත්වයේ තිබීමෙන් එම දුරකථනය වර්තමානයේ භාවිතා කරන හිමිකරු ජංගම දුරකථනයේ ඉමි අංකය අනුව සැකපිට  අත්අඩංගුවට ගෙන  ප්‍රශ්න කිරිමේදී එම ජංගම දුරකථනය තේ වතුයායේ තිබී අහුලාගත් බව සැකකරු පැවසිමෙන් පසු වතුයායේ කළ පරික්ෂාවකදී මෙම අස්ථි කොටස් සොයා ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.

කොටියාගල වත්ත ප්‍රදේශයෙන් හමු වු අස්ථි කොටස් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු අස්ථි කොටස් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි අදාළ ස්ථාන වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පවසයි.



අදහස් (0)

අතුරුදන් වූ පියාගේ අස්ථි කොටස් තේවතු යායකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site