(ජේ.කේ.එල්.චාමින්ද)
මීට මාස දෙකකුත් දින එකොළහකට පමණ ඉහතදී අතුරුදන් වු දෙදරු පියකුගේ ඇටසැකිල්ලක් සහිත සිරුරේ කොටස් පොද්දිවල මත්තක අක්කර පනහ කන්ද ප්‍රදේශයේ තිබි හමුවී ඇති බව පිටිගල පොලිසිය කියයි.
මෙකී පුද්ගලයාගේ ඇටසැකිල්ල සහිත සිරුරේ කොටස් පොලිසිය මගින් සොයාගෙන තිබේ. 50 හැවිරිදි වියේ පසුවන මෙකී පුද්ගලයා මත්තක අක්කර පනහ කන්ද වත්තේ මුරකරුවකු ලෙස සේවය කර තිබේ.
ඉකුත් අප්‍රේල් 20 වැනි දා මෙකී පුද්ගලයා අතුරුදන් වී ඇති බවට ඔහුගේ වැඩිමහල් පුතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බව ද පොලිසිය කියයි.
පසුව පොලිසිය විසින් මෙකී පුද්ගලයාගේ අතුරුදන්වීම ගැන පුළුල් පරික්ෂණයක් සිදුකරනු ලැබීය.
අතුරුදන් වු පුද්ගලයාගේ සහෝදරයකු ඊයේ මත්තක කන්දට ගොස් තිබේ. මොහු සිටි මුරමඩුවේ සිට කිලෝමිටර් තුනක පමණ දුරින් රතු පැහැති සරමක් ගසක එල්ලා තිබෙනු ඔහු දැක තිබේ.
පසුව මොහු මේ ගැන විපරම්කර බැලිමේ දී අතුරුදන් වු පුද්ගලයාගේ සිරුරේ කොටස් ඒ අසල තිබී හමුවී ඇති බව ද පිටිගල පොලිසිය කියයි.
අතුරුදන් වු පුද්ගලයාගේ හිස්කබල සිරුරේ කොටස් අත් පා තැනින් තැන තිබී ඇති අතර ඇතැම් කොටස් කඹරුන් විසින් කා දමා තිබු බවද පොලිසිය කියයි.
අතුරුදන් වු පුද්ගලයාගේ බිරිඳ හා පවුලේ අය විසින් අතුරුදන් වු පුද්ගලයා මොහු බවට හඳුනා ගෙන තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.