නිශාන්ත කුමාර
මීට දින පහකට පමණ පෙර අතුරුදන් වූ බව කියන මීගහකිවුල මීගොල්ල ගම්මානයේ පුද්ගලයකුගේ මළ සිරුර අද (27) දහවල් ලොග්ගල්ලා ඔය මීගොල්ල පාලමට මීටර් පන්සීයක් පමණ දුරින් වූ වතුර වළක පාවෙමින් තිබියදී සොයා ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගහකිවුල මොරහෙළ මීගොල්ල ප්‍රදේශයේ පදිංචි ඩී එම් සුදුබණ්ඩා නැමැති වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.
ඉකුත් 22 දිනෙන් පසුව මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් පොලීසියට දැනුම් දී ඇති අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා සිදුකළ මෙහෙයුමකදී ලොග්ගල්ලා ඔයේ වතුර වළක පාවෙමින් තිබූ මෙම පුද්ගලයාගේ මළ සිරුර හමු වී ඇත.
මළ සිරුර ගොඩ ගැනීම අද (27) පස්වරුවේ බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් වු පුද්ගලයාගේ මළ සිරුර ලොග්ගල්ලා ඔයෙන් හමුවෙයි