රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය ධර්මපුරම් සිරිකුලම් වැවේදී පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගත් බව ධර්මපුරම් පොලීසිය පවසයි.
පසුගිය 23 වැනි දා සිට 31 හැවිරිදි කනපතිපිල්ලෙයි සුභාකරන් නැමති තරුණයා අතුරුදන්ව ඇති බවට ධර්මපුරම පොලීසියට ඥාතීන් විසින් පැමිණිලි කර තිබූ අතර සිරිකුලම් වැවට පැමිණි වැසියකුට මළ සිරුර වැවෙහි පාවෙමින් තිබූ අයුරු දැක ඒ බව ධර්මපුරම් පොලීසියට දැනුම් දී ඇත.
මළ සිරුර කිලිනොච්චිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අදාළ මරණයට හේතුව පිළිබඳ මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවට පරික්ෂණ සිදු කරන ධර්මපුරම් පොලීසිය වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd