(ඩී.ජී.සුගතපාල)
අම්බලන්ගොඩ ගලගොඩ වැලිපොළ අසළදී විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමග සැකකරුවෙකු ඇල්පිටිය කොට්ඨාස නොවිසඳුන අපරාධ ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ ඉඩම්තොට පදිංචි 24 හැවිරිදි අයෙකි.
ඔහු හෙරොයින් ජාවාරම්කරුවෙකු වන අතර මනුෂ්‍ය ඝාතන දෙකක සැකකරුවෙකු බවත්, ඒ සම්බන්ධ නඩු බලපිටිය අධිකරණයේ විභාග වෙමින් පවතින බවත්, ඔහු ‘පොඩි ලැසි’ නමැති අපරාධකරුගේ ගෝලයෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd