ඩී.ජී.සුගතපාල
විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සහ උණ්ඩ 12 ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් විසින් අද (29) දහවල් බටපොළ පොල්හුන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවේ හිටපු සෙබළෙකු වූ 40හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලද තොරතුරක් අනුව සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
සැකකරු දකුණේ පාතාල කණ්ඩායමක සාමාජිකයකු දැයි සෙවීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බටපොළ පොලිසියට බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd