(නිමල කොඩිතුවක්කු)
අඩු ආදායම් ලාභී පවුල් 3300ක් වෙත නිවාස පිරිනැමීමේ උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.
රුපියල් මිලියන 15,924 ක වියදමින් ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක කර ඇත.
නිදන කාමර දෙකකින් හා සියලු මූලික පහසුකම් වලින් සමන්විත මෙම නිවාස ඒකකයක් ඉදිකිරිම් හා සේවා සැපයුම් සඳහා වන වියදම රුපියල් මිලියන 5කි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන පාඨලී චම්ලපික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd