IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අඩු ආදායම් පවුලවලට එල්ඊඩී බල්බ සහන මිලට


                       
නිමල කොඩිතුවක්කු         
       
අඩු ආදායම් ලාභී පවුල් ඉලක්ක කරගනිමින්  වොට් 9 බැගින් වු එල්. ඊ. ඩී බල්බ මිලියන 6 ක් සහන මිලට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය  අජිත් පී. පෙරේරා මහතා පැවසීය.


මෙම වැඩපිළිවෙළ යටතේ පාරිභෝගිකයන් ලක්ෂ 28 කට පමණ විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය මගින්  ඉහළම ගුණාත්මක  භාවයකින් යුතු  එල්. ඊ. ඩී බල්බ ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


ඒ සඳහා අවශ්‍ය ටෙන්ඩර්  කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවත් ඒ අනුව ඊළඟ මාස කිහිපයේ දී මෙම එල්. ඊ. ඩී බල්බ බෙදාහැරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.


එල්. ඊ. ඩී බල්බ භාවිතය වැඩිකිරිම සහ ඒ තුළින් විදුලිය කාර්යක්ෂමතාවයක් ඇති කිරීම මෙම වැඩපිළිවෙළ හි අරමුණ වේ.


බළශක්ති කළමනාකරණය පිළිබඳ  ජනාධිපති කාර්ය සාධන බළකායේ යෝජනාවක් මත මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වේ.



අදහස් (1)

අඩු ආදායම් පවුලවලට එල්ඊඩී බල්බ සහන මිලට

Senarath Wednesday, 15 August 2018 06:34 AM

අඩු ආදායම් ලබන පවූල්වලට සහනමිලට LED බල්බ්. ඒ උනාට ඇමති, මන්ත්‍රි පවූල්වලට නොමිලේ ලෑන්ඩ් කෘෂර්, ලක්ෂ දෙකේ දීමනා සියල්ල. කොහොමද යහපාලනය .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 533 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 481 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site