(උපාලි ආනන්ද)
අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා අද (03) පස්වරුවේ හදිසියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණියේය.
අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණි අගවිනිසුරුවරයා අනුරාධපුර මහාධිකරණ විනිසුරු නිළ මැදිරියේදී උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු ගියාන් රණවක අනුරාධපුර දිසා විනිසුරු චමරී දනන්සූරිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රත් හර්ෂණ කැකුණවෙල අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර සහ අනුරාධපුර කම්කරු විනිශ්චය සභාවේ සභාපති සහ අතිරේක මහෙස්ත‍්‍රාත් කේ සී අතුකෝරල යන මහත්ම මහත්මීන් සමග විශේෂ සාකච්ඡාවක නියැලුණේය.
එහිදි අනුරාධපුර මහාධිකරණ සංකීර්ණය තුළ ක‍්‍රියාත්මකව පවතින උතුරු මැද පළාත් බද මහාධිකරණයේ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචානා මහාධිකරණයේ අනුරාධපුර දිසා අධිකරණයේ අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ අනුරාධපුර අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයේ සහ කම්කරු විනිශ්චය සභාවේ කැකිරාව සහ කැබිතිගොල්ලෑව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණ වල මෙන්ම තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් අධිකරණයෙත් මැදවච්චිය සහ නොච්චියාගම සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණ වලත් නඩු විභාග කිරීමේ දෛනික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.