IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අගලවත්ත ප්‍රා සභා මන්ත්‍රිවරු පාරට බසිති

(මතුගම බන්දු තඹවිට)

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහල දැමීමට, ගොවියාට අවශ්‍ය පොහොර ලබානොදීම පිළිබඳව ,ජීවන වියදම ඉහල යාම පිළිබඳව රජයට විරෝධය දැක්වීම සඳහා  අද අගලවත්ත නගරයේදී මිනී පෙට්ටියක් රැගෙන පැමිණ විරෝධතාවයක නියැලුණහ.

එක්සත් ජාතික පක්ෂයට අයත් අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසේන කඹුරාවල ,උප සභාපති රෝහණ ගලබඩ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද මෙම විරෝධතාවයට එක්වී සිටියහ.

අගලවත්ත නගරයේ බස් රථ නැවතුම් පොලේ සිට ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටට මිනී පෙට්ටිය කර තබාගත් මන්ත්‍රීවරුන් සමග අවමංගල්‍ය පෙරහරක් ලෙසට පැමිණ එම ස්ථානයේ මිනී පෙට්ටිය තබා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවිය.

මෙම විරෝධතාවයෙන් අනතුරුව අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මාසික සභාව පැවැත්වූ අතර එම සභාවට උප සභාපති රෝහණ ගලබඩ මහතා කොට කලිසමකින් සැරසී උදැල්ලක් රැගෙන විරෝධතා පුවරුවක් දක්වමින් සභාවට පැමිණියහ.



අදහස් (0)

අගලවත්ත ප්‍රා සභා මන්ත්‍රිවරු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site