අනීෂා මානගේ
අගුණකොළපැලැස්ස ජදුර ප්‍රදේශයේ නිධන් හෑරීමේ නිරතව සිටි යකැදුරු කාන්තාවක ඇතුළු අට දෙනෙකු අද (27) අගුණකොළපැලැස්ස පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි යකැදුරු කාන්තාවක ඇතුළු හය දෙනෙකු හා අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි තවත් දෙදෙනෙකි. ඉඩම හිමි පුද්ගලයා හා ජේසීබී යන්ත්‍රයේ රියදුරු ද සැකකරුවන් අතර වේ.
අගුණකොළපැලැස්ස ජදුර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ජේසීබී යන්ත්‍රයක් ආධාරයෙන් නිධන් හෑරීම සිදුකරමින් සිටියදී පොලිස් නිළධාරින් වැටලීම සිදුකර තිබේ.
නිධන් හෑරීම සඳහා යොදා ගත් ජේසීබී යන්ත්‍රයක්, පහන් පැල් හතරක්, කපන ලද දෙහි, බුලත්, බුලත්වල ඔතන ලද පඩුරු, ගිනි කබලක්, බිත්තර, සුවඳ වතුරු, පැදුරක් කපුරු, වක් පිහියක්, කුකුළු පැටවෙක්, නෙළුම් පොහොට්ටු, තැඹිලි, රතු රෙදි, පැන් බෝතලයක්, කළු දුරු හා මල් වට්ටි කිහිපයක් පොලිස් නිළධාරින් විසින් සිය බාරයට ගෙන තිබේ.
අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිළධාරින්ගේ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd