(අජිත් ලංකාතිලක)
මහා පරිමාණයේ වල්ලපට්ටා රෙසින් නිස්සාරණය කිරීමේ මධ්‍යස්ථානයක් වැටලීමට හැකි වූ බව අකුරැස්ස අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අකුරැස්ස කොහුගොඩ වනාන්තරය තුළ දී අද (11) සිදුකළ හදිසි වැටලීමකදී සැකකාරියක සමඟ වල්ල පට්ටා කුඩු කිලෝ 60 ක් සහ කැබලි කිලෝ 200ක් සහ පෙරුම් උපකරණ කට්ටලයක් සිය භාරයට ගත් බව අකුරැස්ස අඩවි වන කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
වන සංරක්ෂණ නිලධාරීන් භාරයට පත් සැකකාරිය ඇප මත මුදාහැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd