(මොහොමඩ් ආසික්)
අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.එම්.ඉස්තිහාර් මහතා ගෙනා යෝජනාවක් නිසා අද (12) පැවැති අකුරණ ප්‍රාදේශීය සභා මාසික මහ සභා රැස්වීම ගාලගොට්ටියක් බවට පත්වීමෙන් පසු සභාපතිවරයාට සභාව කල් තැබිණි.
අකුරණ නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණය කඩා නව වෙළඳ සංකීර්ණයක් සෑදීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට මුදල් නොලැබීම සම්බන්ධයෙන් මෙම ගාලගෝට්ටිය හට ගැණිනි.
වසර 40 ක් පමණ පැරණි අකුරණ වෙළඳ සංකීර්ණය සම්පුර්ණයෙන් කඩා ඉවත්කර ඒ වෙනුවට නවීන පහසුකම්වලින් සමන්විත වර්තමානයට ගැළපෙන ආකාරයට වෙළඳ සංකීර්ණයක් නිර්මාණය කිරීම සඳහා තීරණය වී තිබිණි.
එම නිසා වෙළඳ සංකීර්ණය තුල තිබූ කාර්යාල බැංකු මෙන්ම වෙළඳ සැල්ද ඉවත් කිරීමට පියවර ගත් අතර වැඩි ප්‍රමාණයක් ඉවත් කර ගෙන තිබේ. මේ නිසා සභාවට ලැබුණු රුපියල ලක්ෂ 15 කට වැඩි වාර්ෂික ආදායමක් සභාවට අහිමි වී තිබේ.
මේ සියල්ල සැළකිල්ලට ගෙන මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කර නැවත කුලියට දී ආදායමක් උපයා ගැනීමට සභාපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සභාපතිවරයා කීය.
කෙසේ නමුත් මෙම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළ එජාපය ඇතැම් මන්‍ත්‍රීවරුන් ප්‍රකාශ කළේ මෙම වෙළඳ සංකීර්ණ සඳහා මුදල් ලබාදෙන බවට කැබිනට් ඇමැතිවරුන් පොරොන්දු වී ඇත.
මේ අවස්ථාවේ ආණ්ඩු විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කෑ කෝ ගැසීම නිසා සභාව පවත්වාගෙන යාමට නොහැකිව සභාව කල් තැබීමට සභාපතිවරයා පියවර ගැණිනි.


2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අකුරණ ප්‍රා. සභාවේ ගාලගෝට්ටියක්