IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අකුණු සැර වැදී සිසුවා මරුට

 

(ප්‍රින්ස් රත්නායක)
 
බලන්ගොඩ ,ගුරුබැවිලාගම 13 හැවිරිදි  පාසල් සිසුවකු අකුණු සැර වැදීමෙන්  මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

රත්නපුර ගයිරෑනගම විද්‍යාලයේ  09 වැනි ග්‍රේණියේ ඉගෙනුම ලැබු   දිල්හාර රුවන් කුමාර නම් සිසුවෙකු මෙසේ මිය ගොස් ඇත.    

සිය පියා,මව සහ  සහෝදරයින් සමග පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වී නිවසට පැමිණී  අනතුරුව මවත් පියාත් සිය මිත්තණියගේ අතට සිංහල බෙහෙත් ප්‍රතිකාර ලබාගැනීමට පස්වරු 3 ට පමණ බළන්ගොඩ ට පැමිණ තිබේ.

අනතුරුව සිය මිත්තණියට අවශ්‍ය වු බෙහෙත් ද්‍රව්‍යක් සෙවීම සඳහා හත්හැවිරිදි මල්ලී සහ  සීයා සමඟ වත්ත පහළට ගොස් ඇති මෙම සිසුවා වත්ත පහළට ගොස් ඇති අතර මෙම අනතුර සිදු වී ඇත.

මෙම සිදු වීම වු දිනයේ වර්ෂා සහිත දිනයක් නොවු බවද ඥාතීහු පවසති.  සිද්ධියෙන් අන් කිසිවකුටත් හානි සිදු වී නොමැති අතර  මෙම දරුවා පමණක් රෝහල් ගත කිරීමටත් පෙර මිය ගොස් සිටි තිබේ. 

බළන්ගොඩ මූලික රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරි  පී.ඩී.දයා මාතොට අරච්චි මහත්මිය පශ්චාත්  මරණ පරීක්ෂණය පැවැත් වු අතර මුලික පරීක්ෂණය හදිසි  මරණ පරීක්ෂක ඒ .ජී.විමලදාස මහතා විසින් සිදුකරනු ලැබු අතර පොලිස් පරීක්ෂණ වේවැල්වත්ත පොලීසිය මගින් සිදුකරනු  ලැබීය. 



අදහස් (0)

අකුණු සැර වැදී සිසුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site