IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


WIM විසින් පවත්වනු ලබන‘Top 50 Professional and Career Women Awards’ සම්මාන ප්ර දානෝත්සවය ඩයලොග් බලගන්වයි

දිරියෙන් සහ අපේක්ෂාවෙන් යුතු කාන්තා දිවියට සවිය ගෙනෙන සම්මාන

දේශීය ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, WIM  (Women in Management) සංවිධානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘Top 50’ Professional and Career Women Awards’ සම්මාන ප්‍රදානොත්සවයේදී මෙවර ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇත. සිය 10 වෙනි සංවත්සරය සමරමින් මෙවර සංවිධාන කළ සම්මාන ප්‍රදානෝත්සවයේදී 2020 වසරේ  ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රයේ නායකත්වය ගනිමින් අද්විතීය මෙහෙයක් ඉටුකළ කාන්තාවන්ගේ පෞද්ගලික මෙන්ම ආයතනික ජයග්‍රහණ සහ විශිෂ්ටතා මෙහිදී ඇගයීමට ලක්විය.

 

පසුගිය වසර කිහිපය තුළ බැංකුකරණ සහ මූල්‍ය, ආගන්තුක සත්කාර, මාධ්‍ය, නීති, සැලසුම් හා කාර්ය සංවිධාන සහ සැපයුම් ජාල වැනි විවිධ ක්ෂේත්‍ර ගණනාවක, පූර්වාදර්ශ සපයමින් වෘත්තිය කාර්යයේ නිරත විශිෂ්ට කාන්තාවන් 420 දෙනෙකු මෙම සම්මාන උළෙල මගින් ගෞරවයට සහ  ඇගයීමට ලක්කර ඇත.

මෙම සුවිශේෂීී සම්මාන ප්‍රදානෝත්සවය තුළින් විවිධ වෘත්තීමය ක්ෂේත්‍රයන්හි මෙන්ම ව්‍යවසායික සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල නායිකාවන් ලෙස කාන්තාවන් ඉටුකරනු ලබන විශිෂ්ට කාර්යභාරය ඇගයීමට ලක් කෙරෙන අතර, එමගින් සමාජය තුළ පවතින ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයත්, ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඇය  සතු හැකියාවත් මැනවින් සමාජගත කිරීමට කටයුතු කෙරේ. මෙහිදී කාන්තාවන් සවිබලගැන්වීමේ අරමුණෙන් ඩයලොග් ලබාදෙන දායකත්වයට කදිම උදාහරණයක් ලෙස සමාගමේ ප්‍රජා ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන යෙහෙළි (Yeheli.lk/Thozhi.lk) හඳුන්වාදිය හැක. යෙහෙළි යනු භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන ඩිජිටල්, නිර්නාමික පණිවිඩ සේවාවක් වේ. මෙමගින් අවශ්‍යතාවය ඇති අය සඳහා වෛද්‍ය, මානසික සෞඛ්‍ය සහ විශේෂඥ නීතිමය උපදෙස් ලබාගැනීමේ කාර්යයන් නොමිලේ සම්බන්ධ කරනු ලබයි. මෙවැනි සේවාවන් තුලින් ඩයලොග්, ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරි කරගනිමින් මෙරට ආර්ථිකයට හා සමාජයට සිය දායකත්වය ලබාදීමට කාන්තාවන් දිරිගන්වා සවිබලගන්වයි.

 

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම ජාතික නෙට්බෝල්, ජ්‍යේෂ්ඨ නෙට්බෝල් සහ කණිෂ්ඨ නෙට්බෝල් කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා වශයෙන්ද ඩයලොග් කටයුතු කරයි. ජාතික සහ කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලිය සමගද ඩයලොග් සමාගම සම්බන්ධවී සිටින අතර, සමාගමේ සේවාවන් ව්‍යාප්ත වී තිබෙන සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන් සවිබලගැන්වෙන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් උමාරියා සිංහවංශ, ස්ටෙෆනි සැන්සෝනි හා චමරි අතපත්තු වැනි සමාගමේ සන්නාම තානාපතිවරුන් සමඟ එක්ව කටයුතු කරනු ලබයි. 

 

 2011මාර්තු මාසයේදී WIMසංවිධානය විසින් ආරම්භ කරන ලද ‘The Professional & Career Women Awards’ සම්මාන ප්‍රදානෝත්සවය මගින් මාධ්‍ය ක්ෂේත්‍රය ඔස්සේමෙන්ම තම වෘත්තීය ජීවිතයේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ සහ එදිනෙදා ජීවිතයේදී සුවිශේෂී ජයග්‍රහණ අත්කරගනිමින්,තමන් වටා එක් රොක් වී සිටින පිරිස්වලට පූර්වාදර්ශයක් සපයන අද්විතීය කාන්තාවන් අගයනු ලබයි. වාර්ෂිකව පැවැත්වෙන මෙම දිරිගන්වනසුළු, උත්කර්ෂවත් සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මානිත වන සෑම කාන්තාවක්ම එක හා සමානව ඇගයීමට ලක් කෙරේ.

 

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රාද සොයිසා (දකුණේ සිට තුන්වෙනියා)මහත්මියවිසින් ‘සේවාස්ථානයේදීකාන්තාවන්ටප්‍රමුඛස්ථානයක් ලබාදෙනපෞද්ගලිකඅංශයේහොඳමආයතනය’සහතිකයස්ටෑන්ඩඩ්චාර්ටඩ්බැංකුවටපිරිනැමූඅවස්ථාව.

ඡායාරූපයේවමේසිටදකුණට:ස්ටෑන්ඩඩ්චාර්ටඩ්බැංකුවේ(ශ්‍රීලංකා)ප්‍රධානවිධායකනිලධාරීබිඟුමාල්සී. තෙවරතන්ත්‍රි,ස්ටෑන්ඩඩ්චාර්ටඩ්බැංකුවේ(ශ්‍රීලංකා)මානවසම්පත්ප්‍රධානීරන්සිකේ.ධර්මසිරිවර්ධන,ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රාද සොයිසා, බලශක්තිඅමාත්‍යගරුඩලස්අලහප්පෙරුම.

 

‘Top 50’ Professional and Career Women Awards 2020 සම්මානප්‍රදානෝත්සවයේසම්මානලාභීන්



අදහස් (0)

WIM විසින් පවත්වනු ලබන‘Top 50 Professional and Career Women Awards’ සම්මාන ප්ර දානෝත්සවය ඩයලොග් බලගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site