IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


141 වැනි නිල් මහ සටනේ ‘Play for a Cause’ ප්රතිඥාව තුළින් සහාය අවැසි පාසල් හතරකට අතහිත ලබාදෙයි

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තමස් විද්‍යාලය අතර ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගාවලිය පදනම් කරගත් සම්ප්‍රදායක් බවට පත්ව ඇති ‘Play for a Cause’ වැඩසටහන යටතේ ආධාර අවශ්‍ය  පාසල් 4කට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය.

ඒ අනුව පොළොන්නරුව ගිරිතලේ, ගිරිතලේගම මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය ශ්‍රී රතනජෝති විද්‍යාරතන පිරිවෙන, මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය යන පාසල්, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ විදුහල්පති මාර්ක් බිලිමෝරියා පියතුමා හා කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාගේ අනුදැනුම යටතේ රාජකීය-ශාන්ත තෝමස් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුව විසින් සුදුසු ප්‍රතිලාභීන් ලෙස තෝරා ගැනුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම 2015 වසරේදී පැවැති 136 වැනි නිල් මහා සටනේ සිට මෙරට ප්‍රමුඛතම මහ ක්‍රිකට් ගැටුම සමඟ මෙම දිගු කාලීන සබඳතාව ආරම්භ කළ අතර, එම තරගාවලියේදී රැස්කරගනු ලබන එක් ලකුණක් සඳහා රුපියල් 1,000ක මුදලක් හා බිඳ වැටෙන කඩුල්ලක් සඳහා රුපියල් 10,000ක මුදලක් මෙම අරමුදල වෙනුවෙන් පිරිනැමීමට පොරොන්දු විය. ඒ අනුව ඉකුත් වසරේ පැවැති තරගාවලියෙන් රුපියල් 1,008,000ක මුදලක් ‘Play for a Cause’ අරමුදලට එක්රැස් විය. මෙවර පැවැති  141 වැනි නිල් මහ සටන ඇසුරින් දායක වූ මුදලද සමඟ ‘Play for a Cause’ අරමුදල ආරම්භයේ සිට මේ දක්වා වසර 6 ක් තුළ රුපියල් 6,151,000ක් වටිනා ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ නැගී එන පාසල් 22ක් වෙත ප්‍රදානය කර තිබේ.

මෙරට සුප්‍රකට පාසල් මට්ටමේ ක්‍රීඩා ඉසව්වක් වන ‘නිල් මහා සටන’ යනු වසර 141 ක් තරම් දුරට විහිදෙන පොහොසත් සහ වර්ණවත් ඉතිහාසයකින් සමන්විත වූවකි. එසේම එය ලොව වැඩිම කලක් අඛණ්ඩව පැවැති ක්‍රිකට් තරගාවලි අතර දෙවැනි තැන ලා සැලකෙන අතර, එහි පළමු තැන ගන්නා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී ශාන්ත පැට්‍රික් විදුහල සහ ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල අතර වාර්ෂික මහ තරගය ඇරඹී ඇත්තේ ‘නිල් මහා සටන’ ඇරඹීමට  වසරකට මත්තෙනි.

 

රාජකීය-ශාන්ත තෝමස් ඒකාබද්ධ තරග සංවිධායක කමිටු සාමාජිකයන් - වමේ සිට දකුණට සිටගෙන, සුල්කි හමීඩ්, අනුර ප්‍රශාන්ත, රොෂාන් ඇඩම්ස්, කුමුදු වර්ණකුලසූරිය, අරුණ ශාන්ත

වමේ සිට දකුණට අසුන්ගෙන:

මහේෂ් නානායක්කාර (සම සභාපති), අසංක පෙරේරා (උප විදුහල්පති - ශාන්ත තෝමස් විද්‍යාලය), නවීන් පීරිස් - උප සභාපති - එන්ටප්‍රයිස් බිස්නස් සහ මහා පරිමාණ එන්ටප්‍රයිස් අලෙවි -ඩයලොග් ආසිආටා පීඑල්සී, එම්.ඒ.එම් රියාස් (සහකාර විදුහල්පති - රාජකීය විද්‍යාලය) ප්‍රසන්න ප්‍රනාන්දු (සම සභාපති)



අදහස් (0)

141 වැනි නිල් මහ සටනේ ‘Play for a Cause’ ප්රතිඥාව තුළින් සහාය අවැසි පාසල් හතරකට අතහිත ලබාදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site