IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වසංගත සමයේ දී ඔබේ වෙබ් අඩවියෙන් ඵලදායි ආදායමක් ලබාගැනීමට ADSTUDIO.CLOUD හා එක්වන්න!

වසංගතයක් හමුවේ මුලු මහත් ලෝකය පුරා ව්‍යාපාර බිඳ වැටී තිබුණ ද, ඩිජිටල් වෙළඳ දැන්වීම්කරණය සහ අන්තර්ජාල ඔන්ලයින් අලෙවිකරණය මත යැපීමේ ප්‍රවණතාව මේ වනවිට සීමාවන් බිඳ දමමින් සිටී.

අනෙකුත් මාධ්‍යයන්ට සාපේක්ෂව පරිශීලකයින්/ග්‍රාහකයින් බොහොaමයක් අද වනවිට ඩිජිටල් වේදිකාව සමඟ ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුව එය ප්‍රවේශයට පහසු සහ කඩිනම්  සේවාවක් වීමයි.

මෙවැනි මොහොතක එම ආකර්ෂණය හරහා ඩිජිටල් ඉපැයීම් වෙත යොමු වීම කාලෝචිත තීරණයක් බව ඩිජිටල් අවකාශය පරිහරණය කරන ඔබ දැනටමත් වටහාගෙන අවසන්.

ඒ ආකාරයෙන් ඔබේ වෙබ් අඩවිය හරහා ආදායම් උපයා ගැනීමට ඇති පහසුම සහ සහතික කළ හැකි ක්‍රමය වන්නේ ADSTUDIO.CLOUD සමඟ දැන්වීම්කරණයේ නිරතවීමයි.

විශේෂිත පාරිභෝගික කණ්ඩායම් ඉලක්ක කරගෙන පවත්වාගෙන යන ව්‍යාපාරික සහ අනෙකුත් උසස් ගණයේ වෙබ් අඩවි (Premium Web sites) සඳහා PMP Deals  නැමති  විශේෂිත වෙබ් බැනර් සැලසුම ADSTUDIO.CLOUD විසින් හදුන්වා දී ඇත.මෙමඟින් ඔවුන්ගේ දැනට සිටින දැන්වීම්කරුවන්  සමඟ ඇති සම්බන්ධතාවය ඒ අයුරින්ම පවත්වා ගන්නා අතරතුර ADSTUDIO.CLOUD මඟින් හඳුන්වාදෙන නව දැන්වීම්කරුවන්ගෙන් වැඩි ආදායමක් උපයා ගත හැක.

 

මේ සඳහා ඔබ ADSTUDIO.CLOUD සමඟ එක්වන්නේ කෙසේද?

  • දිනකට ග්‍රාහකයින් 1000 කට වැඩි ප්‍රමාණයක් පිවිසෙන,

  • යාවත්කාලීන හා සදාචාරාත්මක අන්තර්ගතයන් මෙන්ම,

  • ගුණාත්මක පිවිසීමක්(Healthy Traffic) සහ වඩා හොඳ දැක්මක් සහ දැනීමක් සහිත වෙබ් අඩවියකට,ඇප් එකකට හෝ බ්ලොග් අඩවියකට

 

https://www.adstudio.cloud/publishers/ ඔස්සේ ඔබේ ගිණුම සක්‍රීය කරගැනීමෙන් පසුව, පහසුවෙන්           ADSTUDIO.CLOUD සමඟ සම්බන්ධ විය හැකියි.

අනෙකුත් ඩිජිටල් වෙළඳ දැන්වීම් ක්‍රම හා සසඳන විට, ප්‍රවෘත්ති සහ කාලින සිදුවීම්,විනෝදාත්මක,අධ්‍යාපනික,වාණිජමය හෝ Gossip ආදී ඕනෑම වෙබ් අඩවියක, අපගේ දැන්වීම් වඩාත් සුදුසු ප්‍රේක්ෂක ප්‍රජාව ඉලක්ක කරමින්,වෙබ් අඩවියේ අන්තර්ගතයට හෝ සැකැස්මට අවහිර කිරීමකින් තොරව පල වීම ද විශේෂත්වයක්. 

ADSTUDIO.CLOUD සමඟ එක්වීමෙන් ඔබට ලැබෙන වාසි මොනවාද?

  • Display, වීඩියෝ, දේශීය මෙන්ම අනෙකුත් වර්ගයේ වෙබ් දැන්වීම් පල කිරීමට හැකිවීම.

  • ඩිජිටල් මාධ්‍ය නිවේදන පවා පල කිරීමේ හැකියාව.

  • අවහිරතා වලින් තොරව මුදල් ඉපයීමේ පහසු සහ වේගවත් ක්‍රමයක් වීම.

  • PMP හරහා විශේෂිත දැන්වීම්කරණ අවස්ථා ලබාගැනීම.

  • 250කට අධික දේශීය වෙබ් අඩවි හා ඒකාබද්ධ වීමෙන් දේශීය ආර්ථිකයට ධනාත්මක බලපෑම් කිරීමේ හැකියාව.

  • දේශීයමය පිවිසීමක්(Local Traffic) සඳහා විශේෂයෙන්ම ADSTUDIO.CLOUD සමඟ පමණක් කටයුතු කරන  තෙවන පාර්ශවීය adexchanges වෙතින් ජාත්‍යන්තරමය පිවිසීමක් (International Traffic) ලැබීම.

දැනට මසකට ඇ.ඩො.100 - ඇ.ඩො.4000 අතර ආදායමක් උපයන ප්‍රකාශකයන් ADSTUDIO.CLOUD සමඟ සම්බන්ධව සිටී.පවතින වසංගත සමයේ බොහෝ ප්‍රකාශකයන්ගේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ADSTUDIO.CLOUD මහත් පිටිවහලක් වූ බව අපගේ බොහෝ  ප්‍රකාශකයන්ගේ මතයයි.

ADSTUDIO.CLOUD අප කවුද?

“ප්‍රමිතිගත වැඩසටහන්කරණ වෙළඳ ප්‍රචාරණ පරිසර පද්ධතියක්” සමඟ ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරන ශ්‍රී ලංකාවේ පළමු වැඩසටහන්කරණ ප්‍රචාරණ වේදිකාව අපයි.

අපගේ අසමසම සම්බන්ධතා ජාලය විවිධ වෙළඳ දැන්වීම්කරුවන්, 250කට අධික ප්‍රකාශකයින් (ප්‍රධාන ධාරාවේ, ප්‍රාදේශීය සහ අනෙකුත් ප්‍රකාශකයින් ඇතුළුව) මෙන්ම විවිධ කර්මාන්ත හරහා වෙළඳ නාම ද සම්බන්ධ කරයි.

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.adstudio.cloud/

අප අමතන්න: 0706 111 200



අදහස් (0)

වසංගත සමයේ දී ඔබේ වෙබ් අඩවියෙන් ඵලදායි ආදායමක් ලබාගැනීමට ADSTUDIO.CLOUD හා එක්වන්න!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site