NDB බැංකුව කියන්නේ එදිනෙදා ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ කටයුතු මෙහෙයවීමෙන් ඔබ්බට ගිය අනාගත බැංකුකරණය මිනිසුන් අතරට රැගෙන යන මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහල සේවයක් ලබාදෙන බැංකුවක්. ඒ නිසාම හෙට දවස මෙහෙයවන්නට, ගොඩනඟන්නට අද ඉන්න පොඞ්ඩන්ට සවියක් වන්නට NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම හරහා NDB බැංකුව සුවිශේෂී සේවයක් සපයයි.

රු.500/-ක් වැනි මුදලකින් විවෘත කල හැකි මෙම NDB ශිල්ප ළමා ගිණුම සඳහා අවශ්‍යය වන ලියකියවිලි වන්නේ දෙමාපිය හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පත සහ දරුවාගේ උප්පැන්න සහතිකය පමණි. මෙම ළමා ඉතුරුම් ගිණුම මඟින් සුවිශේෂී සහ ආකර්ෂණිය ප්‍රතිලාභ රැසක් දරුවන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට භාරකරුවන්ට හිමිවේ.
එනම් ,
* මුදල් තැන්පතු සඳහා පිරිනමන වටිනා තෑගී
* දෙමව්පියන්ගේ හෝ භාරකරුගේ පවතින NDB ගිණුමෙන් NDB ශිල්ප ළමා ඉතිරි කිරීමේ ගිණුමට නොමිලේ ස්ථාවර නියෝග ලබා දීමේ හැකියාව
* ගිණුම් ශේෂය රු.20,000/-ක් වන දරුවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් සඳහා ජීවිත රක්ෂණ ආවරණය
* ශේෂය රු.20,000/- ට වඩා වැඩි වන සෑම ගිණුමක් සඳහාම දිනකට රු.2500/- බැගින් හිමිවන උපරිමය රු.225,000 දක්වා සහ දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර සඳහා උපරිමය රු.450,000 දක්වා දෙගුණ වන රෝහල්ගත කිරීමේ ආවරණය
* ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ පළමු ස්ථාන පහ සඳහා රු.100,000ක් බැගින් ද, හයවන ස්ථානයේ සිට දසවෙනි ස්ථානය දක්වා රු.50,000ක් බැගින් ද ලකුණු 175ට වඩා ලබාගත් දරුවන්ට රු.5000ක් බැගින්ද මුදල් ත්‍යාග
* අ.පො.ස. සාමාන්‍ය පෙළ දිවයිනේ පළමු ස්ථානය සඳහා ර.350,000ක් ද, දෙවන ස්ථානය සඳහා රු. 250,000ක්ද, තෙවන ස්ථානය සඳහා රු.200,000ක්ද, සිව්වන ස්ථානය සඳහා රු.150,000ක්ද පස්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රු.50,000ක් බැගින්ද මුදල් ත්‍යාග
* නත්තලේදී සැන්ටා ගෙදරටම තෑගී ගෙනත් දීම
ඔබත් නොපමාව අදම ඔබේ දරුවා වෙනුවෙන් ළඟම ඇති NDB ශාඛාවෙන් NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම විවෘත කර දරුවාට අදම ඉතිරි කිරීමේ පාඩම සරලව කියාදෙන්නට පටන් ගන්න.
NDB බැංකුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ”ග්ලෝබල් ෆිනෑන්ස්” සඟරාව විසින් 2021 වසරේ ” ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව” ලෙස අභිෂේක ලැබූ අතර එක්සත් රාජධානියේ ”ද බෑන්ක්ර්” සඟරාව විසින් ද ” ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව” ලෙස නම් කෙරිණි. වර්තමානය වන විට NDB බැංකුව ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති සිව්වන (4) විශාලතම බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම ද වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන NDB සමූහය, සිය සියලූම සමාගම්වල නිෂ්පාදන හා සේවා පිරිනැමීම් මඟින් තම ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව මූල්‍ය සහ වෙළඳපොළ ප‍්‍රවේශය ලබා දීම තුළින් දේශීය ප‍්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහයවන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
161
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පොඩ්ඩන්ගේ අනාගතය සාර්ථක කරන්න වැඩිහිටියන්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග