IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඩයලොග් ආසිආටා සහ මනුසත් දෙරණ එක්ව ගංවතුරින් පීඩාවට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සලසයි

රටේ ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එමින්, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ටීවී දෙරණ ආයතනය සමඟ එක්ව ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ ක‍්‍රියාන්විතයේ’ තවත් පියවරක් ලෙස දිවයිනට බලපෑ ගංවතුර තත්වයෙන් විපතට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සැලසීමට කටයුතු කරන ලදී.

 

රට අභියෝගාත්මක තත්වයකට මුහුණපා සිටින සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙලට සහායවීම වෙනුවෙන්, ඩයලොග් විසින් ක්‍රියාවට නංවන තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස මෙම සහන සේවාව හැඳින්විය හැක. ජූනි මස 8 වෙනිදා සිට ක්‍රියාත්මකවීම ආරම්භ වූ මෙම සහන සේවාව, කොවිඩ් අභියෝගයටද මුහුණපාමින් අයහපත් කාලගුණය නිසා මතුවූ ගංවතුර තත්වයෙන් දැඩි ලෙස විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ. මේ යටතේ දින 3 ක් පුරාවට ගම්පහ,වත්තල, කොළඹ, කඩුවෙල, කොලොන්නාව සහ ගාල්ල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පිරිසිදු පානීය ජලය, වියළි ආහාර, ඖෂධ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන ලදී. 

 

මීට අමතරව කොවිඩ් - 19 පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික මෙහෙවරටද ඩයලොග් ආයතනය සිය සහයෝගය නොමඳව ලබාදෙමින් සිටීයි. ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ’ ක්‍රියාන්විතයේ තුන්වෙනි අදියර යටතේ මාසයකට අධික කාලසීමාවක් තුළ දිවයිනපුරා පිහිටි රෝහල් 34ක කාර්යමණ්ඩලයට සිය දෛනික කාර්යභාරයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ බෙදාදිමටත්, හුදකලා කළ ප්‍රදේශවල පීඩාවට පත් 44,532 ක පිරිසකට වියළි ආහාර මළු බෙදාදිමටත් කටයුතු කෙරිණි. කොරෝනා වෛරසයේ අභියෝගය රට හමුවේ පැවති මුල් අවස්ථා දෙක තුළ විශේෂයෙන්ම ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ’ දෙවන අදියර යටතේ දිස්ත්‍රික්ක 10 ක පීඩාවට පත් 46,000 ක පිරිසකට දින 22 ක් තුළ සහන සැලසීමට හැකිවිය. සති 6 ක් පුරා ක්‍රියාත්මක වූ ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ’ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 22 කට අයත් ගම්මාන 400 කට අධික සංඛ්‍යාවක පීඩාවට පත් 128,000 ක පිරිසකට අත්‍යවශ්‍ය වියළි ආහාර මළු බෙදාදීමට කටයුතු කෙරිණි.

 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආහාර ද්‍රව්‍ය මිලදීගැනීමේ ක්‍රියාවලියේ සිට ඒවා ඇසුරුම්කරණය සහ බෙදාහැරීමේ සමස්ත ක්‍රියාවලිය රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකිරීමට පියවර ගෙන ඇත.

 

වගකීම්සහගත ආයතනයක් වශයෙන් රට තුළ කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමට පටන්ගත් මුල් අවධියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා  කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු.ලක්ෂ 2000ක් ලබාදීමට ඩයලොග් ආයතනය එකඟතාවය පළ කරන ලදී. එම එකඟතාවය යටතේ මීගමුව මහ රෝහලට සහ හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් සමන්විත පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුත් දැඩි සත්කාර ඒකක ස්ථාපිත කරදීමට ඩයලොග් ආයතනය සමත් විය. එම කාර්යභාරය හරහා රටක් වශයෙන් කොවිඩ් - 19 පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සාමූහික මෙහෙයුම සාර්ථක කරගැනීමට නොමදව සිය ශක්තිය ලබාදෙන්නටද ඩයලොග් ආයතනයට හැකිවිය.

 
ඩයලොග් සමඟ මනුසත් දෙරණ කණ්ඩායම ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අත්‍යවශ්‍ය භාණ්ඩ භාරදුන් අවස්ථාව
 
 
 
ඩයලොග් සමඟ මනුසත් දෙරණ කණ්ඩායම වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අත්‍යවශ්‍ය භාණ්ඩ භාරදුන් අවස්ථාව
 
 
ඩයලොග් සහ ටීවී දෙරණ කණ්ඩායම්වල සාමාජිකයින් ගංවතුරින් විපතට පත් ජනතාවට බෙදාදීමට නියමිත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සකසන අවස්ථාවක්



අදහස් (0)

ඩයලොග් ආසිආටා සහ මනුසත් දෙරණ එක්ව ගංවතුරින් පීඩාවට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සලසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 28 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site