IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියන්නේ දේශපාලනය නොදන්නා අයයි

මුදිතා දයානන්ද                                                             
       

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධයට එකතු වුණ 16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියලා කවුරුහරි කියනවා නම් එය දේශපාලනය හරියට තෝරගන්නේ නැතිව කළ ප‍්‍රකාශයක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.
       

ගම්මන්පිල මහතා මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධය සමඟ එක්වු 16 දෙනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ මතභේද හටගෙන තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු සපයමින් වන අතර ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
       

මේ වගේ එකවර ආණ්ඩුවක් අත්ඇරලා විපක්ෂයට 16ක් ආවාම වෙන රටක නම් මල්මාලා දාලා පිළිගන්නේ. දේශපාලනය හරියට තෝරාගන්න බැරි අය තමයි ඔවුන්ට විරුද්ධ වෙන්නේ. මේ ආණ්ඩුව ගෙදර යවන්න නම් පාර්ලිමේන්තුව තුළ අපේ අරගලය සාර්ථක කරගන්න අපිට 113ක් අවශ්‍යයි. මේ දාසයත් සමඟ තවත් පහක්වත් හිටියා නම් හොඳයි. මේක දාසය පිළිගන්න ආකාරය අනුව තමයි ඉතිරි අය එන්නේ. අපේ අය මේක දැගන්න  ඕනෑ.


මේ 16 ඇවිත් තිබෙන්නේ ඒකාබද්ධය අවුල් කරන්න යැයි ඒකාබද්ධයේ ප‍්‍රධාන චරිතයක් වන කුමාර වෙල්ගම මහතා වගේම ප‍්‍රසන්න රණතුංග මහතාත් දක්වන අදහස සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
       

ඒ දාසය දෙනාට අපේ කණ්ඩායම අවුල් කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් එයින් කියවෙන්නේ අපි කණ්ඩායමේ තිබෙන දුර්වල කමයි. අපි දීර්ඝ කාලයක් දේශපාලනය කරලා අත්දැකීම් ඇති පිරිසක්. පරණ තරහවල් හිතේ තියාගෙන හිටියොත් අපිට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා ඒ සියල්ල පසෙක දමා ඉදිරියට ආවොත් පමණයි අපිට ජයග‍්‍රහණයක් තිබෙන්නේ. 



අදහස් (3)

16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියන්නේ දේශපාලනය නොදන්නා අයයි

chathuri Monday, 18 June 2018 01:09 PM

තරුණ නඩයකට පක්ෂය භාර දෙන වෙලාව හරි

:       0       0

Saththaya Monday, 18 June 2018 01:53 PM

ඔන්න අහගන්න දේශපාලනයේ දක්ෂයන්ගේ කියමන්... අනික් සියලු දෙනා මෙතුමාව අනුගමනය කළොත් හැමෝම ගොඩෙ... දැන්වත් ඉගෙනගන්න.

:       0       255

siva Monday, 25 June 2018 09:44 AM

හරියට දේශපාලනය දන්නා කෙනෙක් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් ඉල්ලීමක්
2024 ජුලි මස 01 234 1

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
2024 ජුනි මස 30 3716 21

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්
2024 ජුනි මස 11 1585 4

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
2024 ජුනි මස 01 1212 7

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුට


’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’
2024 මැයි මස 28 2635 18

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පා


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
2024 මැයි මස 19 1398 17

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 889 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1772 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site