විනීතා එම් ගමගේ
ජනාධිපතිවරයා විසින් ඊළඟ සිංහල අලූත් අවුරුද්දට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කරනු ලබනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන ලබන සැප්තැම්බරය වනවිට ආණ්ඩුවෙන් එළියට යන්නට ශ්‍රීලනිප කණ්ඩායම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ සඳහා අරගල කරන බවත් ඉන්පසු අගමැති පත්කිරීමේ මෙහෙයුම අරඹන බවත් පෙරේරා මහතා කීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ලෙස කවුරුන් පත්කළත් ඒ සඳහා තෝරාගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා හෝ එතුමාගේ ආශිර්වාදය ලබන පුද්ගලයෙක් යැයි ද මන්ත්‍රීවරයා කීය.
කථානායකවරයා අමරවීර මහතාගෙන් ලියුමක් එනතුරු බලා ඉන්න බව කියතැයි කී පෙරේරා මහතා අමරවීර මහතා දැන් යැවිය යුත්තේ විපක්ෂනායක කම පිළිබඳ ලිපියක් නොව තමන් ඇතුළු ශ්‍රීලනිප ඇමති කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වන බව යැයි ද එවිට මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන බැවින් විපක්ෂනායක කම පිළිබඳ ප්‍රශ්නය එජාපයට භාර දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
ඩිලාන් පෙරේරා මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වුණු ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
එහෙනම් මහත්මයාටත් ලබන සිංහල අවුරුදු කාලය වෙන කොට ලොකු ඇමති පට්ටමක් වත් ලැබෙයි නේද.
දිලාන් දකින්නේ පුදුම සිහින
අනේ අමු කැවිලාද දොඩවන්නේ?
සිහින දෙව්දුවේ මේ ලංකාවේ එකම නමයි මා දන්නේ ඒ නම ම..හි..න්...ද... එතකොට අායෙත් පිනට යමක් ලැබෙයි නේද මහත්තයෝ.
ආ ...පෝ මෙච්චර කාලත් මදිනේ... ජනතාව බලාගෙන ඉන්නවා ලැජ්ජා නැද්ද පෙනී පෙනී ඔච්චර කන්න ලෑස්ති වෙන්නේ...
ඉක්මනට නැගිටින්න එළිවෙලා
කියනකන් අපි බලාගෙන හිට්යේ මහින්ද අගමැති කරන්න.
ඔබට ඊළගට ලබන්න වූ සිංහල අවුරුද්ද සුබම සුබ එකක් වේවා ! වැඩි වැඩියෙන් ලැබේවා ! ජනතාවට බදු වැඩි වේවා !