(නිමල කොඩිතුවක්කු)
ජාතික රජය බළයට පත්වී ගතවූ වසර තුනක කාළය තුළ රටේ සියලූම ජනතාවට නිදහසේ හුස්ම ගත හැකි රටක් නිර්මාණය වී ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල මහතා කොළඹදී පැවසීය.
එම කාළය තුළදී රට සෑම ක්ෂේත‍්‍රයකින්ම ඉදිරියට ගෙන ඒමට වත්මන් රජයට හැකිවූ බවත් ’’ගම් පෙරළිය’’ ආදී වැඩසටහන් මගින් ඉදිරි වසර දෙකක කාළය තුළ රටේ සංවර්ධනයක් තවදුරටත් වේගවත් වනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘ලබන 17 වනදාට යහපාළන රජයට වසර 03ක් සපිරෙනවා. මෙම වසර තුනක කාළය තුළ රටේ සියලූම ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුලූවන් වසර තුනක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ වසර තුනට‘‘හුස්ම ගත්ත වසර තුනක්’’ කියලා කියනවා.
2015 ජනවාරි 08 වනදා අපි මේ ආන්ඩුව භාර ගන්න විට රටක් විදියට අපි ඉතාමත් අපහසු තැනක හිටියේ. ජාත්‍යන්තර වශයෙන් ගත්තම ජගත් සංවිධානය අපි කොන් කරලා හිටියේ. ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය අපි ඉතා අසීරු තත්වයකට පත් කරලා තිබුනා.
පසුගිය රාජපක්ෂ පාළන සමයේදදී මාධ්‍ය වේදීන් ගණනාවක් ඝාතනය කලා. මාධ්‍යවේදින්, වෘත්තිකයන් මේ රට හැර ගියා. රතුපස්සල ජනතාව පානීය ජලය ඉල්ලලා උද්ඝෝෂනය කරද්දි එතනට හමුදාව දාලා ඒ ජනතාව ඝාතනය කළා.
කටුනායකදි තරුණයන් ඝාතනය කලා. හලාවතදි ධීවරයන් ඝාතනය කලා. මෙම තත්වයක් තමයි එදා රටේ තිබුනේ. අද මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුලූවන් වාතාවරනයක් අපේ රජය නිර්මාණය කරලා තියෙනවා
අද යහපාළන රජය තුළ ඕන තරම් උද්ගෝෂණය කරන්න, වර්ජනය කරන්න අවස්තාව ලබා දිලා තියෙනවා. අපි කාටවත් වෙඩි තියලා කාවවත් මරා දාලා නැහැ. අද ජනතාවගේ අයිතිවාසිකම්, ප‍්‍රජාතනන්ත‍්‍රවාදය අපි සුරක්ෂිත කරලා තියෙනවා.
මෙයට අමතරව අපේ රජය මගින් ජනතාවට සහන ගණනාවක් ලබා දීලා තියෙනවා. අපේ රජය පත්වුන වහාම ඉන්ධන මිල විශාල මුදලකින් පහත දැමිමට කටයුතු කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා.... මේ කොහෙන්ද, කොයි පැත්තෙන්ද කතා කරන්නේ? ඒකාලේ කොහේ හිටියද දන්නේ නැහැ නේද? ඔය කතා කරන පැත්තෙන්ම කියන්නකෝ බලන්න මහ බැංකුව පෙරලුව විදියට ’’ගම් පෙරළිය’’ ගැනත්...
මෙයාගේ මොලේ බලවන්න ඕනේ... ප්‍රභාකරන් ඉන්න කාලේ මෙයා කොහෙට චුතවෙලා හිටියද? 2009 මැයි 19න් පස්සේ තමයි මිනිස්සු හුස්ම ගත්තේ... ඒ කාලේ අැඳන් යට නිදාගනිපු මිනිස්සු සුරංගනා ලෝක මවලා ඡන්දෙ ගත්තට රට මොන කෙන්ගෙඩියක්ද කළේ? සංවර්ධනය 7% සිට 3.5% ට බැස්සුවා, හාල් නැවත පිටරටින් ගේනවා. ඒ විතරක්ද දැන් පොලුත් රටින් ගේනවා. ඔක්කොම කෙරුවාව කටින් විතරක් කරන්න දන්නවා හිටන්... අද ඩොලරය කීයද? රුපියල් 163 ත් පැනලා. මෙයාලගේ කෙරුවාව මිනිස්සු හොඳට දන්නවා දැන්. එ්කනේ පොඩි ඡන්දෙදි හොඳ උත්තරයක් ලැබුනේ. ඩොලර් කුට්ටිවලට කෑ ගහන අමනයින්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ.
ඒකත් හරියට බීරි අලින්ට වීනා ගහන්න වීනාවක් දුන්නා කියනවා වාගේ වැඩක්. මේ අය කරන දේවලට බනින්න උද්ගෝෂණ කරන්න අපට ඉඩ දීලා ඒ අයට ඕනදේ කරනවා.
ජනතාවට දේශපාලකයින්ගේ අකාරුණික බව සහ දයානුකම්පා විරහිත බව නිසා විඳින්නට සිදුවූ, සිදුවන පිඩාව, කෙතරම් වෙහෙසකරද ? එහෙත් මෙම සැහැසි ක්‍රියා සිහිපත් වෙත්ම ජනතාවගේ ඉවසීම නම් පුදුම සිතෙන තරම්ය. තමා උපන් දේශයට සේවයක් කර මිය යාම එකම පරමාර්ථය බව පැවසු මහත්මා දේශපාලකයින් නැතුවාම නොවේ. ජනතාවගේ අන්ධ දේශපාලන භක්තිය , වසර 70ක් වැනි දිගු කාලයක් එක දිගටම රැවටීම, ගඳ සුවඳ නො හඳුනන අවිචාරවත් බව මගේ ආදරණිය මාතෘ භූමියට එක් කළ විනාශය හදවත කම්පා කරවන තරම්ය. අපේ දරුවන්ට මානව ධර්මතාවලින් සපිරි රටක් ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් ' නිදහසේ හුස්ම ගැනීමට පුළුවන් රටක් ' යැයි වර්ණවත් කළ සාම්ප්‍රදායික සාහිත්‍යමය වචනවලින් නැවත වරක් මුසපත් නොවී ඔවුන්ගේ අපේක්ෂා මත ජීවත්වීමේ ගොරෝසු පුරුද්ද අත් හල යුතුය. දේශපාලකයින්ගේ චතුර වාග් විලාසවලින් හදවත තුවාල කරගත් මිනිසුන් නැවතත් මෝහනීය වචනවලින් පවන් සැලීමෙන් සහනයක් ලබන්නට තරම් මුග්ධ නොවන්නේය. කතන්දර එක්දහස් එකක් අපි අසා ඇත්තෙමු. දිව්‍ය ලෝකය සහ අපාය හඳුනන්නෙමු.
හුස්ම විතරයි ගන්න පුළුවන් වෙන කිසිම දෙයක් බැහැ........... අම්මප අගහරු ලෝකෙන් ඇවිල්ල වගේ බොරු දෙසනවා......
කතාවලින් පේනවා එයාලගේ උගත් කමේ තරම