IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


ශ්‍රී ලංකා මහා සභාව පිහිටුවීමේ අරමුණ මොකක්ද?

අතුරලියේ රතන හිමි

 

පත් කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කළේ මීට මසකට පමණ ඉහතදීය. එහිදී  බොහෝ පාර්ශ්ව ඒ හිමියන්ගේ ස්වාධීනවීම පිළිබඳ විමතිය පළ කළ අතර උන්වහන්සේගේ එම තිරණය ආණ්ඩුවෙන් ඉවත්ව පිහිටුවන නව දේශපාලන ගමනක ආරම්භයක්  විය හැකි බවටද සමහරු අනාවැකි පළ කළහ. රතන හිමිගේ මේ ස්වාධීනවීමේ තීරණය පසුපස ඇති දේශපාලනය පිළිබඳ විපරම් කෙරෙන කතාබස්වලින් පසුගිය දින කීපය ගෙවී යන අල්ලපනල්ලේ ඉකුත් අඟහරුවාදා දින (පෙබරවාරි 28) ඒ හිමියෝ අලුත් වැඩකට අත තැබූහ.

 

එනම් ‘ශ්‍රී ලංකා ජාතික මහා සභාව’ පිහිටුවා එහි ප්‍රථම සැසිය එදින පැවැත්වීමය. ඒ අනුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ එම සමුළුවේදී ඊට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ‘තිරසර යුගයට මග’ යන මැයෙන් වූ රට හදන ජාතික සැලැස්ම පිළිගැන්වීමටද සිදුවිය. එය රතන හිමින්ගේ මූලිකත්වයෙන් පිහිටවූ ශ්‍රී ලංකා ජාතික සභාව මගින් ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනය කරා යොමු කිරීමට අදාළ කරුණු කාරණා යෝජනා කරන්නා වූ වැඩපිළිවෙලකි. 


මේ සමුළුවේදී තිරසර සංවර්ධනය ගැනත් එහි වර්තමාන අදාළත්වය ගැනත් ශ්‍රී ලංකාවට ගලපා ගත හැකි ආකාරය ගැනත් දේශකයන් කීපදෙනකු විසින් දේශනා පවත්වනු ලැබූ අතර අතුරලියේ රතන හිමියෝද සිය කතාවේදී ඒ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු ගෙනහැර පෑහ. එහි සිය කතාවේදී උන්වහන්සේ වර්තමාන රජයේ ආර්ථික ගමන් මග ගැන තියුණු විවේචනයක් ඉදිරිපත් කිරීමය.

විශේෂයෙන්ම අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික උපායමාර්ග දැඩි විවේචනයට ලක් කළ ඒ හිමියෝ සිංගප්පූරු ආර්ථික ආදර්ශයද බලවත් ලෙස විවේචනයට ලක් කළහ.


ඊට අමතරව හම්බන්තොට වරාය කේන්ද්‍ර කොටගත් ආර්ථික කලාපය සඳහා වෙන්කිරීමේ ගැටලුව පිළිබඳව මෙන්ම රජය සතු ඉඩම් ආයෝජන සඳහා විදේශිකයන්ට ලබාදීමට අදාළව අනුගමනය කරන ප්‍රතිපත්ති කෙරෙහිද රතන හිමියෝ සිය විරෝධය පළ කර සිටියෝය. සිය කතාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය විධායක ජනාධිපති ධුරය වැනි වර්තමානයේදී දැඩි කතාබහට ලක්ව තිබෙන කාරණා ගැනද උන්වහන්සේ විවේචනශීලීව අදහස් ඉදිරිපත් කරන ආකාරයක් එහිදී දැනගන්නට ලැබිණි.
ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ මංගල සැසිවාරයේදී අතුරලියේ රතන හිමියන් කළ කතාවෙහි  අන්තර්ගත කොටසක් මෙසේය. 


“මාසයකට අඩු කාලයක් තුළදීයි අපි මේ සභාව සැලසුම් කළේ. මොකක්ද මේ සභාව පිහිටුවීමේ අරමුණ? කුමක් සඳහාද අපි මේක හැදුවෙ? මේ සභාව දේශපාලන පක්‍ෂයක් නෙවෙයි. මේක රාජ්‍ය නොවන සංවිධානයකුත් නෙවෙයි. මේක ආගමික සංවිධානයකුත් නෙවෙයි. මේ සංවිධානය රට ගැන හිතන හැමදෙනාටම එකතුවෙන්න පුළුවන් ජාතික සභාවක්. මේක හදද්දී ඉන්දියාවේ කොංග්‍රසයත් ඉතාලියේ ජාතික කොංග්‍රසයත් එක්තරා දුරකට  ලංකාවේ ජාතික සංගමයත් මගේ සිහියට ආවා. මේ සභාව හදන්න විද්වතුන් විශාල පිරිසක් අපිත් එක්ක එකතු වුණා. කෙටි කාලයක් තුළ පාර්ශ්ව රැසක අදහස් ගොනු කරලා මේ වගේ ජාතික ප්‍රඥප්තියක් හදන්න හැකිවීම ගැන මම සතුටු වෙනවා.


දැන් ව්‍යවස්ථා වෙනසක් ගැන වගේම ආර්ථික වෙනසක් ගැනත් කතා වෙනවා. අපි මේ වැඩ පිළිවෙළ හරහා කතා කරන්නේ රටට අවශ්‍ය ජාතික සැලැස්මක් ගැන? ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කතා කළාට අපි මේ මොහොත ව්‍යුහාත්මක වෙනසක් කළ යුතුයි. ජනාධිපතිතුමනි අපි ඔබතුමා එක්ක ප්‍රතිපත්තිමය එකඟතාවකට එද්දී කිව්වා ජාතික ප්‍රතිපත්ති සභාවක් හදන්න කියලා. ඒක කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්වත් ජනමත විචාරණයක් තියන්නවත් අවශ්‍ය වෙන්නේ නෑ. ඔබතුමා බලයට පත්වෙලා අදට අවුරුදු දෙකක් වුණත් ඒ ජාතික ප්‍රතිපත්ති සභාව හදන්න ඔබතුමාට තවම බැරිවෙලා තියෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයට යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ගිවිසුමක් අස්සන් කළා. ගිවිසුමේ සඳහන් වුණා. ජාතික සැලසුම් සභාවක් ඇති කරනවා කියලා. නමුත් ඒ ගැන කිසිම සාකච්ඡාවක් නෑ. 


නමුත් කියපු නැති දේවල් ගැන විශාල ලෙස කාලය නාස්ති කරනවා. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කෙරෙන කතාබහක් ඒ අතර එකක්. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන සිදු කරන්නේ නෑ කියලා අපි සඳහන් කළේ ප්‍රධාන කාරණයක් නිසා. ඒ තමයි විධායක ජනාධිපති ක්‍රමයක් සමඟ සම්පූර්ණයෙන්ම බැඳිච්ච තවත් කරුණු කීපයක් තිබීම.


අනික ඡන්ද ක්‍රමය. අපි කිව්වෙ විධායක ජනාධිපති ධුරයෙ තියෙන නරක බලතල අයින් කරලා, ඒක පාර්ලිමේන්තුවට වග කියන තත්ත්වයට පත්කරමු කියලා. ඔබතුමා  ඒ සඳහා දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න ගොඩක් කැප වුණා. ඒ ව්‍යවස්ථා සංශෝධනය කිරීම ගැන මුළු ජාතියේම ගෞරවය අපි ඔබතුමාට පිරිනමනවා.


අපි ජනාධිපතිතුමාව බලයට පත් කළේ මේ රටේ ආර්ථිකය එක කල්ලියකගේ වුවමනාවට අනුව හසුරුවන්න ඉඩදීමට නෙවෙයි. එහෙත් සමහරු අහනවා පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැත්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. 
අපි මේ රටට ජාතික සැලැසුමක් හැදිය යුතුව තියෙනවා. කොහොමද ඒක හදන්නේ. මේ මුළු රටම එකක් හැටියට අරගෙන සංවර්ධන වැඩපිළිවෙළවක් හැදිය යුතුයි. දැන් තියෙන සංවර්ධන වැඩපිළිවෙළේ එකම හීනය වෙලා තියෙන්නෙ සිංගප්පූරුව. වෙන කිසිම හීනයක් නෑ. සිංගප්පූරුව කියන්නෙ රටක් නොවෙයි. අපේ කොළඹ මහ නගර සභාව වගේ පුංචි කෑල්ලක්. අරෙහෙන් මෙහෙන් ආපු මිනිස්සුන්ගෙන් හැදුණු ආර්ථිකයක් තියෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නේ දියුණු ශිෂ්ඨාචාරයක් තියෙන රටක්. මේ රට හදන්න ඕනෑ මොන ජාතික සැලැස්මෙන්ද කියන කාරණාව ගැන සාකච්ඡා කරන්න තමයි අපි ජාතික මහා සභාව හැදුවෙ.


මේ සම්බන්ධව ලෝක තත්ත්වය ගෙන බැලුවොත් අද එක්සත් ජාතීන්ගේ සංවිධානය දියුණු රටවලින් ඉල්ලන්නෙ කාබන් ඩයොක්සයිඞ් පිට කරන ප්‍රමාණය අඩු කරන්න කියලා. ඒ වගේම අධි පරිභෝජන රටාව සරල කරන්න කියලත් කියනවා. නාගරීකරණයෙන් මිදිච්ච අලුත් ජීවන ක්‍රමයකට යන්න කියලා විද්‍යාත්මකව යෝජනා කරනවා.


මේ අර්බුදයෙන් අපිට ගොඩඑන්න පුළුවන්ද කියලා බලන්න ඕනෑ. අපේ රටට ලොකු වාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. ඒ වාසනාව තමයි අපේ රටට හැමදාම පැය දොළහක් ඉර එළිය වැටෙන එක. යුරෝපයට මාස හයයි ඉර එළිය වැටෙන්නෙ. මේ ඉර එළිය තමයි ලෝකයේ අනාගත බලශක්තිය වෙන්නෙ. එහෙම නම් අපි සුර්ය බල ශක්තිය මුල්කරගත් විප්ලයක් ලංකාවේ ඇති කිරීම සඳහා ප්‍රතිපත්ති හදන්න ඕනෑ. ඒ හැකියාව අපිට තියෙනවා.


ඉර එළිය, ජලය, සුළඟ වගේ පුනර්ජනනීය බලශක්ති මගින් බලශක්ති උත්පාදනය ශක්තිමත් කළොත් ගල් අඟුරු, ඩීසල් වගේ අනිත් බලශක්ති ප්‍රභව සඳහා විශාල මුදලක් වැය කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා පුනර්ජනනීය බලශක්තිවලට යනවා කියලා. අපි ඒකට යන එක පමා කරන්නෙ ඇයි? අපි චීනය එක්ක කතා කළ යුත්තේ ඒගොල්ලොන්ට ඉඩම් දෙන එක ගැන නෙවෙයි. මේ අපේ රටට සෝලා පැනල් හයි කරලා දෙන්න කියලා. අපි චීනයෙන් ඉල්ලමු. මේක ඔබතුමාට කරන්න පුළුවන් දෙයක්. අගමැතිතුමාටත් මේක කරන්න පුළුවන්.


ඊළඟට අපේ රටේ ගිනිසීරියා ගස් තියෙනවා. මේ රටේ ගිනිසීරියා ගස් බිලියනයක් වගා කළොත් නොරොච්චෝල බලාගාරයෙන් ලබාගන්නා විදුලියෙන් භාගයක් විදුලිය උත්පාදනය කරන්න පුළුවන්. වස විසෙන් තොර ගොවි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා අපිට ඉඩ දුන්නා. අද වෙන කොට හැමදෙනෙක්ම ඒ ගැන කතා වෙනවා. මේ විදිහටම වස විසෙන් තොර තේ කර්මාන්තයට ගියොත් දැනට අපිට තේවලින් ලැබෙන ඩොලර් බිලියන එකහමාර බිලියන තුන දක්වා වැඩි කරගන්න පුළුවන්. අද ලෝකයේ වස විසෙන් තොර තේවලට හොඳ ඉල්ලුමක් තිබුණත් සැපයුම්කරුවො නෑ.


දැන් අහන ප්‍රශ්නයක් තමයි රට ණය වෙලා තියෙන ඩොලර් බිලියන දෙක ගෙවන්නෙ කොහොමද කියලා. ඒ ණය ගෙවන්නෙ කොහොමද කියලා අපෙන් අහනවා. ඒ ණය ගෙවන්න තව ණය ගන්න ඕනෑ කියලත් කියනවා. ඒ විදියට තව ණය ගන්නවා. වරාය විකුණන්න අවශ්‍යයි කියලත් කියනවා. රාජ්‍ය ආයතන පාඩු ලබන නිසා ඒවා පෞද්ගලීකරණය කරලා හරි තව බදු වැඩි කරලා හරි මේ ණය ගෙවිය යුතුයි කියලත් කියනවා. මේ ඩොලර් බිලියන දෙක හොයන්න නම් අපේ ආනයන වෙළෙඳාම පාලනය කළ යුතුයි.


රටේ ඉඩම් ලබාදීමේදී ඒ සඳහා ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. හොඳ කර්මාන්ත රටට ගේන්න ඕනෑ. රටේ ජනාධිපතිටවත් අගමැතිටවත් හිතුමනාපෙට ඉඩම් දෙන්න බෑ. ඉඩම් ප්‍රතිපත්තියක් හදන්න ඕනෑ වගේම අපේ රටට මොන කර්මාන්තද ගේන්නෙ කියන කාරණය ගැන අපිට සැලැස්මක් තියෙන්නත් ඕනෑ. අපේ රට ගොඩනඟන්න නම් අපිට අවශ්‍ය කර්මාන්ත ඇති කරන්න ඕනෑ. කිරි, පොහොර, බලශක්ති කර්මාන්ත අපිට පටන් ගන්න පුළුවන්.

 

 



අදහස් (0)

ශ්‍රී ලංකා මහා සභාව පිහිටුවීමේ අරමුණ මොකක්ද?

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

මොනවද මේ ජනාධිපති කොමිෂන් සභා
2025 මාර්තු මස 22 16 0

1987 – 89 භීෂණ සමයේ දී රජයේ ආරක්ෂක අංශ පවත්වාගෙන ගිය වදකාගාරයක් බටලන් ද නිවාස සංකීර්ණයේ තිබූ බව කියැවෙයි. 1998 වසරේ දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුං


කිසිදා නොසැලෙන රනිල්
2025 මාර්තු මස 22 12 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු අගමැතිවරයකු හා විපක්ෂ නායකවරයකු ලෙස සහ මෙරට විධායක ජනාධිපතිවරයකු ලෙස රනිල


අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති රක්ෂිත බන්ධනාගාරයට
2025 මාර්තු මස 22 6 0

අනිවාර්ය නිවාඩු යවා සිටින වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලීසිය මඟහරිමින් සිට තමා අත්ඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම න


බටලන්ද පැටලුණු සත්යක්
2025 මාර්තු මස 22 12 0

පළාත් පාලන මැතිවණයේ නාම යෝජනා සැකසීමේ කටයුතු හේතුවෙන් ඉකුත් සතිය පුරාම සමගි ජනබලවේගයේ නායකයන් සහ මන්ත්‍රීවරුන් සිටියේ පාර්ලිමේන්තුවේ සහ පක්ෂ මූලස්


මතු පිටින් අතගාන ලාබ දේශපාලනය
2025 මාර්තු මස 22 9 0

අයවැය විවාදයේ දී විපක්‍ෂය වටහා ගත් කරුණක් වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සහ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපත්ති අතර බොහෝ වෙනස්කම් පවතින බ


රනිල් දැන් වැඩේ මගාරින්න වගේ හදන්නේ
2025 මාර්තු මස 22 6 0

කරළියට පැමිණ තිබෙන බටලන්ද පිළිබඳ මාතෘකාව ගැන මේ ප්‍රශ්න කිරීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 107 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1114 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site