(නාලක සංජීව දහනායක)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන්න තමන් ගත් තීන්දුව වෙනස් කිරීමට කිසිම අදහසක් නැතැයි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දූනේෂ් ගන්කන්ද මහතා අද (4) පැවැසීය.
දෙගිඩියාවකින් තොරව තමන් එම තීරණය ගත් බැවින් යළිත් එක්සත් ජාතික පක්‍ෂයට සහය පළ කිරීමට තමන්ගේ කිසිම අදහසක් නැතැයිද ඔහු කීය.
එහිදී ඔහු මෙසේද කීය.
මට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඓතිහාසික උරුමයක් තිබෙනවා. මගේ පියා ඒ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළකරන්න මම පසුගිය වසරේ දී තීරණය කළා. ඒක කිසිම දෙගිඩියාවකින් තොරව ගත්තු තීරණයක්. ඒ නිසා මම මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී ක‍්‍රියාකරනවා. ඒ සඳහා මට රත්නපුර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන්ගෙන් උපරිම සහය ලැබෙනවා යැයිද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (4) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
අපි මේ බලාගෙන ඉන්නේ කවදාද එන්නේ කියලා. ඔබේ පියා අපට කල උදව්වලට අපි තමුන්ට පසුගිය කාලයේ ඡන්දය දුන්නා. අපේ ඡන්දය පාවා දුන් නුඹට එක්සත් ජාතික පක්ෂයේ අයගේ කිසිම කැමැත්තක් නැහැ.
මුහුණ බැලුවම දන්නෙත් නැහැ. නමින් දන්නෙත් නැහැ. මේ වගේ අය තමයි පොහොට්ටුවේ ඉන්නේ... සමහරු ඉන්නවා නම කියනකොට හිනහ යන, බිය හිතට දැනෙන කට්ටිය මේ එන්නේ පවුල රැකගන්න මිසක් ජනතා සේවයටද? දැනටත් මොනවද කෙරුවේ...? මේ සැරේ ඡන්ද 100ක් ලැබුණොත් ඊළඟ පාරට ඡන්දෙ ඉල්ලන්නේ... මේ කට්ටියට දෙවියන්ගේම පිහිටයි.
තාත්තගේ නමත් ජරා කළ නොහැකියාවෙන් පිරි, බූරු පුතා
මොනවද මෙයා රටට කරල තියෙන්නේ .තාත්ත නිසා තමයි පසුගිය වතාවේ දින්නේ