IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විපක්ෂ නායක ධූරය ගැන තීරණයක් ගත හැක්කේ ස්ථාවර නියෝග අනුවයි

(සුජිත් හේවාජුලිගේ)

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වාධීන වුවත් විපක්ෂ නායක ධූරය පිරිනැමීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ ස්ථාවර නියෝග පුළුල්ව අධ්‍යයනය කිරීමෙන් පසුව යැයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවැසීය.

ඉද්දවල මහතා මේ බව පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනවීමේ තීරණයක් ගැනීමට සුදානම් වීම පිළිබඳව අප කළ විමසුමකදීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වුවහොත් කතානායකවරයා ස්ථාවර නියෝග සම්ප්‍රධායන් අධ්‍යයනය කර සුදුසු තීරණයක් ගනු ඇතැයි ද වැඩබලන මහ ලේකම්වරයා කීවේය.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය නොදීමට බලපෑවේ ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්තමාන ආණ්ඩුවේ සිටින ප්‍රධාන කණ්ඩායමක් වන එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කිරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටීම යන කාරණයයි.මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනවී විපක්ෂ නායක ධූරය ඉල්ලීමට සුදානම්වන බවට වාර්තා පළවී ඇත.



අදහස් (0)

විපක්ෂ නායක ධූරය ගැන තීරණයක් ගත හැක්කේ ස්ථාවර නියෝග අනුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site