IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘විනාශ වූ රට යළි ගොඩනගන්න රජය කටයුතු කරනවා’

(තිලකරත්න දිසානායක) 
 
පසුගිය කාලයේදී විනාශවූ රට වත්මන් රජය ගොඩනැගීමට කටයුතු  කරමින් සිටින බවද, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පසුගිය රජය සමයේ වැරදි වැඩ කළ දේශපාලනඥයින් සම්බන්ධයෙන් විනයානුකූලව නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (16) ගම්පහදී පැවසීය. 

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය. 

“අද රටේ පවතින නිදහස සහ පිබිදීම මත තරුණ තරුණියන් නගර අලංකරණය පිණිස පින්සල අතට ගෙන විවිධ නිර්මාණ කරනවා. මේ සියල්ල කරනු ලබන්නේ ස්වේච්ඡාවෙන්. නමුත් පසුගිය කාලයේදී වැරදි වැඩ කරපු , හොරකම් කරපු , දේශපාලන පළිගැනීම් කරපු දේශපාලනඥයින්ට අද රිදිලා. තමන් කරපු දේවල්වලට ඔවුන්ට අද විඳවන්න වෙලා තිබෙනවා. අද ඒ අය නිදහසක් නැහැයි කියල ප්‍රකාශ කරනවා. නමුත් රටේ පොදු ජනතාව අද නිදහසේ සතුටින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබෙනව. මේ රජය බලයට පත්වූදා පටන් ජනතාව නිදහස භුක්ති විඳින ආකාරය පේනවා නේද? 

ඇතැම් දේශපාලනඥයින් පසුගිය කාලය පුරා පළිගැනීම් කරලා, වැඩක් නොකර ඉදලා කරපු දේවල් අපිට කිව්වේ ඒ රජයේ නිලධාරීන්මයි.  පළිගත්ත ආකාරය කියන්නෙ නිලධාරීමයි. ඒ රජයෙ හිටපු සොලිසිටර් ජනරාල් වරුන් දෙදෙනෙකුම කිව්ව. මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා කිව්ව.  

හිටපු ඇමතිවරුන්ගෙන් අද මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක්වත් අහන්නට බැහැ. විකෘති මානසිකත්වයෙන් තමයි කටයුතු කරන්නෙ. මේ වගේ දේශපාලනඥයින් කියන දේවල් අද රටේ ජනතාව පිළිගන්නෙ නැහැ. 
 
වත්මන් රජය යටතේ,  පසුගිය කාලය තුළ විනාශ වූ රට ගොඩගැනීමට අපි කටයුතු කරනවා. නමුත් පසුගිය කාලයේදී වැරදි වැඩ කරපු දේශපාලනඥයින් සම්බන්ධයෙන් අද පොලීසිය මගින් විනයානුකූලව නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ ක්ෂේත්‍රය භාර අංශ එම කටයුතු සිදු කරාවි. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා" යැයිද කීය.



අදහස් (2)

‘විනාශ වූ රට යළි ගොඩනගන්න රජය කටයුතු කරනවා’

Sarath Tuesday, 17 December 2019 07:11 AM

හොරා

:       0       2

lalithm Tuesday, 17 December 2019 07:43 AM

පක්ෂ දෙකම පසුගිය අවුරුදු 70 තිස්සෙම ඔය ගීතය ගැයුවා. රටට වෙච්ච කිසි හොඳක් නැහැ. දේශපාලුවන්ගේ නම් කඳ බඩ දේපල දියුණු වුනා. හත්මුතු පරම්පරාවල්ම යෙහෙන් දහමෙන් සෙමෙන් ගතකරනවා. පොදු ජනයා නම් බඩ පොත්තට ඇලිලා ලංකාව දියුණු රටක් වෙනකම් බලා ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site