IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


‘ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා‘ -ජවිපෙ කියයි

 

(මුදිතා දයානන්ද) 

     

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ  ව්‍යවස්ථා  සංශෝධනයක් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස තම පක්ෂය විසින් ඉදිරියේදි පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (19)  පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු  ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය.

දැන් රටේ යම් ව්‍යාකූල තත්වයක් අස්ථාවර බවක් නිර්මාණය වී තිබෙනවා. ඉතිහාසයේ මතුවු මෙවැනි අවස්ථාවල ඒ තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් රටට ජනතාවට ජයග‍්‍රහණ ලබාදෙන්න අපිට හැකිවී තිබෙනවා.  ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැම පක්ෂයක්ම අතීතයේදි අහෝසි කළ යුතුයි කියලා පොරොන්දුවි තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අපේ මන්ත‍්‍රීවරයෙක්ගේ පෞද්ගලික යෝජනාවක් ලෙස ගෙන එන්න. 

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ පසු පළාත් සභාවල බලය පවත්වාගෙන යාමට ජනාධිපතිගේ බලතලක අනුව පිහිටුවා තිබෙන ආණ්ඩුකාරවරයා  සම්බන්ධයෙන් ගැටළුවක් ඇති විය හැකියි. එය බෙදුම්වාදින්ට වාසි සහගත ලෙස යොදාගන්නට හැකියාව ලැබෙන්න පුළුවන්.

ඒ වගේම පවතින මැතිවරණ ක‍්‍රමය තුළ යම් අස්ථාවර ආණ්ඩුවක් යටතේ පාලනය පවත්වාගෙන යන අවස්ථාවක එය ශක්තිමත් කරන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල වලින් නිසා මැතිවරණ ක‍්‍රමය මෙලෙසම පවත්වාගෙන යමින් විධායක බලතල විතරක් අහෝසි කිරිම සුදුසු නොවන බවට මතයක්ද පවතිනවා. ඒ නිසා මේ දෙකම සැළකිල්ලට ගනිමින් මේ කෙටුම්පත සකස් කිරිමට අප අදහස් කරන අතර අනෙක් පක්ෂවලට ඊට යෝජනා ඉදිරිපත්  කිරිමටද  හැකියාව තිබෙනවා. 
        
 



අදහස් (4)

‘ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා‘ -ජවිපෙ කියයි

NAK Monday, 19 March 2018 11:30 AM

එජාප කරුවන් විරුද්ධ වුනත්, රතු අලි පැටව් රනිල්ට විරුද්ධව යන්නේ නැහැ...

:       64       182

ධනුෂ්කMonday, 19 March 2018 02:52 PM

මහත්තයෝ, ඔබතුමන්ලා වේදිකාවේ කියන බයිලා. එකපයින්ම පිළිගත්තට දේශපාලනයේ යථාර්තය තේරුම්ගෙන නෑ. එ්කයි මේ.... පැවති අාණ්ඩුවට තදබල ලෙස පහරදෙන නිසානේ ඔබතුමාලා ඔහොම කියන්නේ... අමතක වුණාද පැවති පාලකයන් බලයට ගේන්න දරදිය අැද්දේ කවුද කියලා...? දැනගන්න දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නෑ. වෙලාවකට සතුරාගේ සතුරා හොඳම මිතුරා කරගන්න වෙනවා. හැබැයි අවස්ථාව එනතුරු... දැන ගන්න දේශපානය තුළ සිල් රකින්නවත් මනුදම් පුරන්නවත් බෑ. ජ.වි.පෙ කියන්නෙත් බලය අප්ක්ෂා කරන පක්ෂයක්. ජ.වි.පෙ අවස්ථානුකූලව තීන්දු නොගත්තා නම්. අද කොටි තාමත් රජයනවා. (2015 මහින්ද බලයට ගෙන එ්ම) අනික් පැත්තෙන්.... ජ.වි.පෙ නැත්නම් මහින්ද අද තාමත් බලයේ. රට වෙනුවෙන් අදාල තීරණය අරගෙන තියනවා. මේ අාණ්ඩුවට කරන දේ බලමු ඉදිරියේදී...

:       6       0

surath Monday, 19 March 2018 12:19 PM

රතු අලියට රිදිලා වගේ හිටපු ගමන් ව්‍යවස්ථා සංශෝධන මතක් වෙලා...

:       52       284

Chandra Monday, 19 March 2018 06:55 PM

දැන් 2015 ප්‍රදාන මාර්තුකාව මේක නේද ? එකතු වුනේ පක්ෂ පාට නොබලා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නේද.? දැන්ද ඇහැරුනේ අවරුදු 3 කට පස්සේ. හොරු අල්ලලත් නැහැ , ජනාධිපති ක්‍රමය අහෝසි කරලත් නැහැ. රටේ ජනතාවගේ කාලේ කාපු එක විතරඊ. දැන් තෝරපු නායකයා හොරුන් සමග වාසේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 340 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site