(ප්‍රේමතිලක පෙරමුණ)
මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන දස වසරකට වඩා වැඩි අත්දැකීම් තිබෙන පාලකයන් දෙදෙනකු සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ශක්තිමත්ම පක්ෂය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
“චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් මහින්ද රාජපක්ෂ මහතාටත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකියි.ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එම අවස්ථාව ඇති බැවින් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශක්තිමත්ම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතායි.එවැනි නායකයකු සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තනි වී නෑ.එම නිසා කිසිම හේතුවක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් දෙපැත්තකට වෙන් විය යුතු නෑ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ කළුතර ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායක නාලක තරංග සමරවික්‍රම මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලය වලල්ලාවිට දී අද (22) විවෘත කිරීමෙන් අනතුරුවය.


COMMENTS
ලංකාවේ පක්ෂ යාන්ත්‍රණයක් තිබෙන ජාතික දේශපාලන පක්ෂ දෙකයි තියෙන්නෙ. එකක් එක්සත් ජාතික පක්ෂය, අනෙක ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් ඒ දෙකෙන් වඩා බලවත් පක්ෂය මොකද්ද කියල ඔබතුමාට පහදල දෙන්න අවශ්‍ය නැහැ නේද? ආණ්ඩු බලය මොන පක්ෂයට තිබුණත් ලංකාවෙ බලවත්ම දේශපාලන පක්ෂය එම පක්ෂය බව තවමත් නො දැනද එය මහ ලේකම් පුටුවෙ ඉඳගත්තෙ? ඔබතුමා ලේකම් ධුරය හොබවන පක්ෂයට දැන් අත්‍යාවශ්‍ය ශක්තිමත් නායකත්වයක්.
ඔය කතාව කිව්ව හොරා වගේ හොරු නැත්තන් නම් කතාව හරි...
ඒ ශක්තිමත් පක්ෂේ දිය කර හැරීම ඔබ වැනි අය හරියටම කරනවා.
රටේ ශක්තිමත්ම පක්ෂය ශ්‍රීලනීපය. "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ ජනවරම එළදරව් වෙයි කියන බය ජනාධිපතිවරයාට තිබෙනවා. එකයි මේ නඩුව ගෙනාවේ. නමුත් මේ නඩුවේ ප්‍රධාන පාර්ශවයක් ලෙස නම්කර තිබෙන ඇමතිවරයා නඩුව අසන දවසේ රටෙත් නැහැ. මේ ඇමති ඉල්ලා අස්විය යුතුයි." අනුර කුමාර දිසානායක.
පක්ෂේ ශක්තිමත්කම වැඩක් නැහැ. එක හොඳයි ඔයාලගේ බලේ රැක ගන්න. කරන්න ජනතාවට වැඩක්... රටට සෙතක්. පක්ෂේ හයියෙන් අපිට මොකක්ද ඇති වැඩේ?
එහෙම තිබුන පුතේ ඉස්සර කාලේ අර බර්ටි කියල මහ ඇමති කෙනෙක් හිටියේ දැන්නම් එහෙම නැහැ අපිත් ඔය පක්ෂේ තමයි හිටියේ.
ඔය කියන ශක්තිමත් පක්ෂයට බැරි උනනේද? 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රී මහත්තයාව පරද්දන්න.