(ශාන්ත රත්නායක)
මුළු රටේම පැවැත්වෙන ජන්දයක් ලබාගත හැකිවීම ජනතා ජයග්‍රහණයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (10) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
‘‘ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව නිශ්චිත සැලැස්මක හිදිමින් මෙහෙයුමක් දියත් කළා. 2012 දී සකස් කළ පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කර සාධාරණ මැතිවරණයක් දිනා ගැනීමට අපි කටයුතු කළා.2012 දී බැසිල් රාජපක්ෂ මැදිහත් වෙලා සකස් කළේ විකෘති ජන්ද ක්‍රමයක් එම ඡන්ද ක්‍රමයේ බහුපක්ෂ දේශපාලනයට ඇති ඉඩ අහුරා ද්විපක්ෂ දේශපාලනයට ඉඩ හැදුවා.පළාත් පාලන මැතිවරණය ප්‍රධාන පක්ෂ දෙකකට කේන්ද්‍රගත කිරීමටයි“යැයි ඒ මහතා පැවසිය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.