IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘රාජිතලා රෝහල්වලට ඉන්න එක වෙනස් නොවුණොත් ජනතාව තීන්දුවක් ගනීවි’

(මුදිතා දයානන්ද)

'සාමාන්‍ය වැරදි කළ මේ රටේ සාමාන්‍ය මිනිස්සු හිරගෙවල්වල සිටියදී බරපතල වැරදි කළ රාජිතලා වැනි අය රෝහල්වලට වෙලා ඉන්න එක වෙනස් නොවුණොත් මේ රටේ ජනතාව තීන්දුවක් ගනීවි. ජනතාව ඒ ගැන අවදියෙනුයි ඉන්නේ' යැයි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (30) පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ කීය.

''යහපාලන ආණ්ඩුව නඩු පිට නඩු දාලා දස වද දෙද්දී අපි නම් කිසි දවසක අධිකරණවලට, පොලිසිවලට බයේ හැංඟුණේ නැහැ. මේ විදිහට ගියොත් වැරදිකාරයෝ සියලු දෙනා රෝහල්වල නවතින්න ගනිවි.

යහපාලන ආණ්ඩුව අමු අමුවේම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි කළා. නීතිය අවභාවිතා කළා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් එක්ක අරලියගහ මන්දිරයේ දි තීන්දු අරගෙන තමයි ඒ අය නඩු අහන්න අධිකරණ තුනක් පිහිටෙව්වේ. රාජපක්ෂලාගේ නඩු දවස ගානේ අහන්න කියලා වෙනම අධිකරණයක් පිහිටෙව්වා. රාජිතම ඒ ගැන මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කර තිබුණා.

අපි බලාපාරොත්තු වෙනවා රාජිතලාගේ මේ සිල්ලර වැඩ ගැන විතරක් නෙවෙයි නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් පටන් අරන්, අපේ කලින් ආණ්ඩු කාලේ ධීවර ඇමති ලෙස සිටියදී කළ දේවල්වලට අදාළව පවා නීතිය අකුරට ක‍්‍රියාත්මක වෙයි කියලා. අධිකරණය නොමඟ යවන මෙවැනි අය ගැන අවධානයෙන් සිටිය යුතුයි'' යැයිද ඒ මහතා කීය.



අදහස් (9)

‘රාජිතලා රෝහල්වලට ඉන්න එක වෙනස් නොවුණොත් ජනතාව තීන්දුවක් ගනීවි’

Rama Monday, 30 December 2019 11:23 AM

හොඳ චරිතයක් තියෙන අවංක ඇමැති කෙනෙක් රටටම සම්පතක්...

:       16       4

Chathuri Monday, 30 December 2019 02:23 PM

225 න් රාජිත විතරද අපරාධ කරලා තියෙන්නේ තමන්ගේ පක්ෂයේ නායකයා සිට මන්ත්‍රී දක්වා ඇහැ ඇරලා බලන්න. එක මල්ලේ පොල් වැරදි කරලා නැහැ කියන්න කාටද පුළුවන්..? මිනීමැරුම්, මරණ තර්ජන, අල්ලස්, මුදල් වංචා... මේ කට්ටිය දැන් අැමතිකමුත් දරන්නේ තව වැඩ බාරගන්න පෝලිමේ ඉන්නවා. ඔය කට්ටිය ඉන්න ඕන හිරගෙදර පෝලිමේ ජනතාව පැත්තෙන් ගත්තොත් එක වැරදි කරපු කෙනෙක් නිදැල්ලේ ඉන්නවද? සේරම ඇතුලේ අකුරට නීතිය ජනතාවට විතරයි.. ජනාධිපතිට සමාව දුන්නට පවුලේ කට්ටිය කරපු වැරදිවලට සමාව දෙන්න බැහැනේ...

:       145       118

සිසිල් සුදේශ් Tuesday, 31 December 2019 05:22 AM

"අපි නම් කිසි දවසක .... බයේ හැංගූණේ නෑ........"

:       0       68

aruna Tuesday, 31 December 2019 06:24 AM

රාජිත වැරදි කල බව උපකල්පනය කළත් ඔහු නිදහස් සෞඛ්‍යය සේවයට වෙනත් කිසිදු ඇමති වරයෙකු නොකළ අද්විතීය සේවයක් කළා. මෙයා දුෂණ හැරෙන්න වෙන මොනවද කළේ?

:       158       194

raviWednesday, 01 January 2020 10:41 PM

රාජිත තරම් බෙහෙත් වංචා කරපු ඇමතියෙක් නැහැ. ලාබෙට පරික්ෂා නොකළ පිළිකා බෙහෙත් ගෙනාවෙත් ඒ උත්තමයාම තමයි . ඒවාට නඩු තියෙනවා. තීන්දුව දුන්නට පස්සේ කෙලින්ම කුඩුවේ.

:       103       78

primaliSaturday, 04 January 2020 04:13 AM

රාජිත අරෝග්‍යශාලාවලට බෙහෙත් සපයන්නේ නැහැ. ඒ සඳහා මෙම දෙපාර්තමේන්තුවේ වෙනම සැපයුම් අංශයක් තිබෙනවා. බෙහෙත් සැපයීමට වෙනම ක්‍රියාපටිපාටියක් තිබෙනවා. එය ඒ පිළිබඳ විශේෂගයන්ගෙන් සමන්විත් කමිටු තිබෙනවා. ඒවායේ තීරණ මතයි බෙහෙත් මිලදී ගැනීම සිදුකරන්නේ. රාජිතට ගෙනෙන බෙහෙත් තීරණය කිරීමට කිසිඳු බලයක් නැහැ. තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට නිකම් පදනමක් නැති ද්වේශ කතාවලට මොලේ කළඳක් ඇති මිනිසුන් රැවටෙන්නේ නැහැ.

:       41       11

sarath Wednesday, 01 January 2020 08:43 AM

මේ ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදිලා වගේ... ඒ කාලේ බැසිල් රාජපක්ෂ පවා මේ හොස්පිටල්වල නැවතුණු ක්‍රියා පිළිවෙත නේද කලේ? ගම්මන්පිල මහත්තයා නම් කිව්වා අධිකරණ ඇමතිතුමාට මේක කරන්න බැරිනම් එ් පිළිබඳ ක්‍රියාකරනවා කියලා. ඇයි ඉතින් දැන් අර MCC එකෙන් පච වෙලානේ ඉන්නේ. ඔබතුමාට ඉතින් පුළුවන්නේ ආණ්ඩුවට බල කරන්න අර බැංකු මංකොල්ලයට මුලින්ම වගකිවයුතු අගමැති සහ මුදල් ඇමති හිරභාරයට ගන්න. ඡන්දෙ දවස්වල දුන්නු ලස්සන කතා වල කියපු දේ අද වෙන්නේ නැහැ නේද?

:       64       20

ran Thursday, 02 January 2020 02:43 AM

මේ අර නයා කාපු කෙනා නේද?

:       0       11

පාන්ඩේ Wednesday, 08 January 2020 08:50 AM

රාජිතට කලින් මෙයාව නයා කාලා.. මේ කලාව පටන් ගත්තේ මෙයාලම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1431 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site