(අංජුල මහික වීරරත්න )
යහපාලන රජය නැමැති ගෙය ලස්සනට හදා ගේ ඇතුලේ වෙන්නේ මොනවාදැයි තමා පිළිකන්නට වී හොරන් බලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අද (20) මාධ්‍ය හමුවකදී පැවසීය.
බඩට බත් නොකා සිමන්ති ගල් වැලි ඇද අමාරුවෙන් හදාගත් නිවසට අල්ලපු ගෙදර මිනිහා රිංගාගෙන හැම්බේකන් කකා කොචොක් දමන විට ඉවසගෙන ඉන්නට හැකියාව ඇත්තේ කාටදැයි මන්ත්‍රීවරයා එහිදි ප්‍රශ්න කළේය.
16 කණ්ඩායමට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කර උඩ නැඟ සියලු සැප භුක්ති විඳ හෙම්බත්වී අනෙක් පැත්තට පැන ගිය බව කී අප්පුහාමී මහතා සාමුහික වගකීමට ගරු කරමින් ඒ සියල්ල විද දරාගෙන බලා සිටින බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මහජන නියෝජිතයා දැන් අඬ අඬා ඉන්නේ ?? මෙයාටත් හැම් බේකන් ගේඇතුලට වෙලා කන්න ලැබුණානම් ඔය කියන අදෝනාව, අඩවැදියාව , චුරුචුරුව නැහැ නේද ?? හා හොදයි කියනවකො බලන්න තමන්ගේ හිතට එකඟව එහෙම නොවේ කියලා ?? අනේ නෙමේ ඔයි අපි නොදන්නා මහජන මුදලින් පිනටම ජිවිතේ ගැටගහ ගන්න මහජන නියෝජිතයෝ....
ඔව් මේ අප්පුහාමිලට ඕවා හොඳට පුරුදු බව රටම දන්නවා