IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘යුඑන්පී 20 ක් මහින්ද සමඟයි’


බිඟුන් මේනක ගමගේ 
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග දේශපාලන ගමනක් යෑමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සක් දැනටමත් සූදානම් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 
ඒකාබද්ධ විපක්ෂයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් සමග එක්වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන බවට එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළ ද මෙම මන්ත්‍රීවරුන් පිරිස හිටපු ජනාධිපතිවරයා සමග දැනටමත් සාකච්ඡා කර අවසන් යැයි ද චානක මහතා කීය.
 
සභාග රජයක් හැදීමට ඒකාබද්ධ විපක්ෂයට කඩිමුඩියක් නැතත් සුදුසුම මොහොතේ සුදුසුම තීන්දු ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සූදානම් යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කර කීය.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ආණ්ඩුවක් හැදීම ගැන සාකච්ඡාවක් නොවුණ ද එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී පක්ෂ නායකයන් කීප දෙනෙකු අතර කිසියම් සාකච්ඡාවක් වී ඇතැයි ද ඩී.වී චානක මහතා සඳහන් කළේය.
 
ආණ්ඩු බලයක් ගැනීමේ දේශපාලන හදිසියක් නැතත් ආණ්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දෙන වැරැදි පිළිවෙත නිසා ඉදිරියේදී බලයට පත්වන කවර දේශපාලන බලවේගයක් වුවද දුෂ්කරතාවයකට පත්වනු ඇතැයි ද එනිසා වඩාත් සුදුසු දේශපාලන තීන්දුවක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරනු ඇතැයි ද චානක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  



අදහස් (3)

‘යුඑන්පී 20 ක් මහින්ද සමඟයි’

de silva Wednesday, 10 October 2018 03:39 AM

ඔවු ඉතින් කොහොමත් ඔබතුමාගේ මාමා කෙනෙකු වන දුලිප් නියෝජ්‍ය ඇමති තුමා හැමදාම හිටියේ මහින්ද මහත්මය සමග , ඉතුරු 19 දෙන කවුද ?

:       1       12

Sugath Wednesday, 10 October 2018 04:30 AM

මෙයා හීනෙන් නගිටලද කොහෙද

:       0       204

Chandra Wednesday, 10 October 2018 01:52 PM

සල්ලි ටික ලැහැස්තිද? එ්ක නම් සුළු දෙයක් නේද?

:       0       415

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 66 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site