IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


මා ජනපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ

(සුජිත් හේවාජුලිගේ, මැණික්හින්න ඒ.ජී. වික‍්‍රමසිංහ හා චමිල් රූපසිංහ සහ සෙංකඩගල සිසර කුමාර බණ්ඩාර මහනුවර සිට)

තමා ජනාධිපති ධුරයට පැමිණියේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (1) පැවැති මැයි රැලියේදී පැවැසීය.

අනාගත සිහින ලෝක දිනා බලා වැඩ කිරීමෙන් රටට ජනතාවට කිසිම පළක් නැතැයි කී ජනාධිපතිවරයා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ශක්තිමත් කර මේ රට ප‍්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.

රටේ නිපුණ ශ‍්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතු බවද ජනාධිපතිවරයා කීය.

මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම මැයි රැලියේදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

අපි මේ ඓතිහාසික මහනුවර පුරවරය තුළ අද සාර්ථක මැයි රැලියක් පැවැත්තුවා. පාරවල් දෙකකින් පස්වරු 1 ට පෙළ පාළිය ඇරඹුවා. පෙළපාළිය අවසන් කරන්න පැය හයකට වඩා කාලයක් ගත වුණා. මේ පෙන්නුම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, කම්කරු ජනතාවගේ, වාම ප‍්‍රගතිශීලී ව්‍යාපාරයේ ගොවි ජනතාවගේ, ධීවර ජනතාවගේ බල වේගයයි. මෙය පුළුල් ජාතික බලවේගයක එක අවස්ථාවක් හැටියටත් සැලකිය හැකියි. රැලිය යද්දී මහනුවරට අද ලොකු වැස්සක් වැටුණා. මහනුවර තිබුණේ වියළි කාලගුණයක්. අපි ඇවිල්ල වැස්ස දුන්න එක ගැන සතුටු වෙනවා. අපි ගිය අවුරුද්දේ ගාල්ලේ මැයි රැලිය පැවැත්වුවා. එදත් මහ වැස්සක් වැස්සා. ලබන අවුරුද්දේ නියඟය තියෙන පැත්තකට මැයි රැලිය ගෙන ගොස් නැවතත් වස්සවනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමවිටම වැඩ කළේ කම්කරුවාගේ යහපත වෙනුවෙනුයි. ලෝකයේ අධිතාක්ෂණය සමග රටක් දියුණු කිරීමේදී දැනුම බුද්ධිය සහිත නිපුණ ශ‍්‍රමිකයා වැදගත්. අපිට අපේ රටට ඒ නිපුණ ශ‍්‍රමයේ අද අඩුවක් නැහැ. වැඩ කරන ජනතාවගේ නිපුණ ශ‍්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතුයි. ඒ හඬ සමග රජය කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය එයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් හැමවිටම කටයුතු කළ සංවිධානයක්. අනාගත සිහින ලෝක දිහා බලල වැඩක් නැහැ. හෙට දවසේ කාර්ය භාරය අද දවසේ කළ යුතුයි.

ජාත්‍යන්තරවාදය අද ලෝකය තුළ කෙමෙන් කෙමෙන් වියැකෙමින් යනවා. ජාත්‍යන්තර අත පෙවීම් අද වනවිට අඩු වෙමින් පවතිනවා. අද අපට කිසිම රටකින් බලපෑමක් නැහැ. 2015 දී අප ලැබු ජය සමග ජාත්‍යන්තරය දිනා ගත්තා.

ප‍්‍රබල රටවලින් ඈත්වීම නිසා එදා අපේ රට කොන් වුණා. අප රට ජාත්‍යන්තරය ඉදිරියේ විත්තිකරුවකු බවට පත්වුණා.

අද අපේ රට විත්තිකාරයකු නොවෙයි. අද අපට තියෙන්නේ නිදහස් රටක්. ජාතික සංහිිඳියාව ශක්තිමක් කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. ආණ්ඩුවේ ඇතැම් අයගේ වැරදි නිවැරදි කර ගන්න මේ මැයි රැලිය අද හොඳ සංඥාවක් දුන්නා.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටත් යන්න කියලත් නෑ. එන්න එපා කියලත් නැහැ. පක්ෂය විවෘතයි. මධ්‍යම කාරක සභාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද හොඳට තියෙනවා. ඒක ඇතුළේ විවේචන, ස්වයං විවේචන කරන්න පුළුවන්. අපේ පවුලට තවත් පුටුවක් හදන්න මම මෙතනට ඇවිල්ලා  නැහැ.

අද පක්ෂයේ තරුණ, කාන්තා සංවිධාන ඉදිරියට ඇවිත් තියෙනවා. ශක්තිමත් වී තියෙනවා. පැරදුණු පක්ෂය යළි ජයග‍්‍රහණය දක්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි අප කල්පනා කළ යුතුයි. අපිට තියෙන අභියෝගය, දුගී බව අපි ඉවත් කිරීමට කටයුතු කරන්නේ කොහොමද? කියන ඒකයි.

දුගී භාවය නැති කිරීමට අප පුළුල් සංවර්ධන වැඩ පිළිවෙළක් රට පුරා ගෙන යනවා.

මේ රට ගොඩ නගන්න අපි කවුරුත් එකාවන්ව කැප විය යුතුයි. ඒ සඳහා සියලූ ජාතීන් වාද භේද අමතක කර එකමුතු විය යුතුයි. අනෙක් ජාතීන් අමතක කරලා මේ රට දියුණු කරන්න බැහැ. එදා මේ රට නිදහස ගත්තේ පොදු අරමුණකින් සටන් කරලයි. කලක් අප යුද්ධයෙන් බරපතළ වධ වේදනා වින්දා. රණවිරුවන්ට පින්සිදු වෙන්න අපිට සාමය ලැබුණා. ඉදිරියට මේ රටට ජාතික සංහිදියාව අවශ්‍යයි. රටට ඉදිරියට ගමන් කිරීමට එය අවශ්‍යයි. අපි රට දෙනවා. පාවා දෙනවා ගිවිසුම් ගහනවා කියලා අද සමහරු චෝදනා කරනවා. මම මේ පුටුවට ආවේ ජාතික සංහිදියාව ශක්තිමත් කරන්නත් විදේශීය බලපෑම්වලින් තොරව ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ඇති කරන්නයි. අපේ භූමියෙන් කොටසක් විදේශ රටවලට දෙන්න මා සූදානම් නැහැ. පෝට්සිටි චීනයට දීමත් එක්ක දොන් ජුවන් ධර්මපාලලා ඇතිවුණා. අපි ඒ ගිවිසුම වෙනස් කළා. අපිට නොගැළපෙන දේ වෙනස් කළා.

වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. මම ඒවාට උත්තර දෙන්න සූදානම්. මම මේ පක්ෂයේ සභාපතිකම බලෙන් බාරගත්තේ නැහැ. හිටපු ජනාධිපතිතුමා මට සුහදව බාර දුන්නා. කොතෙක් බාධා ආවත්, කුමන්ත‍්‍රණ ආවත් පැරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනැවිත් මම පෙන්නලා තියෙනවා. ඉතිහාසය පුරා මෙවැනි අභියෝගවලට අපි මුහුණ දීලා තියෙනවා.

මා එය ජයග‍්‍රාහී දේශපාලන පක්ෂයක් කරනවා.

අප අලූත් ආසන සංවිධායකවරුන් පත් කළා. අද සමහරු පක්ෂයේ දේට එන්නේ නැතිව වෙනත් මැයි රැලි පවත්වනවා. මොන චෝදනා ආවත් සම්මුතිවාදී ප‍්‍රතිපත්ති නිසා අප රට කෙරෙහි ලෝකයේ තිබුණු අප‍්‍රසාදය මග හැරුණා. අපි ගැන ජාත්‍යන්තර විශ්වාසය ඇතිවුණේ ඒ නිසයි. කාර්යාල සේවිකාවන්ට ඇති අයිතිය අද සාප්පු සේවිකාවන්ට නැහැ. කාර්යාල හා සාප්පු සියලූ සේවිකාවන්ට දින 84 ප‍්‍රසූත නිවාඩුවක් දෙන්න අපි ස්ථීර තීන්දුවක් ගත්තා. සෙනසුරාදා නිවාඩු දින අත හැරලා එය දෙනවා.

අද ඔබ වැස්සේ තෙමුණා. ඔබ ඒ කැප කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ජයග‍්‍රහණය වෙනුවෙනුයි. උතුරෙන් වැඩිම ජනතාවක් අද අපේ මැයි රැලියට ආවා. නැගෙනහිරිනුත් වැඩිම පිරිසක් ආවා. එය ලොකු ජයග‍්‍රහණයක්. ප‍්‍රගතිශීලි වාමාංශික ව්‍යාපාරයට ජයවේවා.

එක්සත් ජාතික නිදහස් සන්ධානයේ ප‍්‍රධාන ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා.

ගාල්ලේ පළමු මැයි රැුලියේ වාර්තාව කඩලා අද වැඩිම ජනගඟ ගැටඹේට ගලලා ඉවරයි. තවමත් පෙළපාලි මහ මග. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ වැඩ බාර ගත්ත ගමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කිරීමට කටයුතු කළා. ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩපිළිවෙළ සාර්ථකව එතුමා ඉදිරියට ගෙන යනවා. අද මේ රටට විදුලි පුටුව එන්නේ නැහැ. රණවිරුවා අද ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා ගැන අද ලෝකය විශ්වාසය තබල තියෙනවා. එතුමා ගැන ලෝකයේම විශ්වසය ගොඩනැගුණා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වුණේ ජී.එස්.පී. ප්ලස් ලැබුණේ ඒ විශ්වාසය නිසයි.

ඒ සහන ගත්තේ කිසිම අහිතකර කොන්දේසියකට එකඟ වෙලා නොවෙයි. දැවැන්තම මැයි රැලිය වගේම දැවැන්තම පෙළපාළි දෙකක් අද සාර්ථකව පැවැත්තුවා. හම්බන්තොට වැඩිම ජනකායක් ආවේ අපේ මේ රැලියටයි. ඉදිරි පළාත් මැතිවරණ දිනනවා. 2020 දී අපේ ආණ්ඩුවක් පිහිටුවනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා:-

කම්කරුවාගේ අයිතීන් දිනා දීමට කටයුතු කළේ අපේ ජනාධිපතිතුමායි. ඔහු කම්කරුවා රකින නායකයායි. විශ්ව විද්‍යාල ශක්තිමත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ජනසතු ව්‍යාපාර හරහා ජනතාවට සේවය සැලසුවේ අපේ පක්ෂයයි. සියලූ කම්කරු අරගලවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ සමග සිටින බවට පොරොන්දු වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා:-

කම්කරුවා වෙනුවෙන් දැවැන්තම සේවය කරපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මැයි දිනය නිවාඩු දිනයක් කළේ සේවක අර්ථ සාධක අරමුදල දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. රාජ්‍ය දේපළ විකිණීම නැවැත්තුවේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒවා ආරක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කම්කරු අයිතීන් සුරැකීමට නම් මෙම පක්ෂය ආරක්ෂා කර ගත යුතුයි. පක්ෂය නොබෙදා අලූත් පක්ෂ නොහදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිය දෙන්න. 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට අපි කවුරුත් අදිටන් කර ගත යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා:-

වැඩ කරන ජනතාවට ප‍්‍රතිලාභ රැසක් දීමට අප කටයුතු කරනවා. කම්කරු නීතිවල පවතින අඩුපාඩු මග හැරවීමට කටයුතු කරනවා. අපේ පිරිසක් අද කොළඹත් මැයි දිනයක් පවත්වනවා. ලබන මැයි දිනයේදී එකම මැයි දිනයක් පවත්වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. හාම්පතුන්ට බරක් නොවන විදියට කම්කරු වන්දි දෙනවා. පෞද්ගලික අංශයේ නිවාඩු ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා:-

අවම ජාතික වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීම වාර්තාවක්. අද ඒවා බොහෝ දෙනකුට අමතකයි. මාතෘ නිවාඩු විෂමතාව ඉවත් කර ගන්න අපි ලොකු අරගලයක් කළා. මම සියලූ කම්කරු සංවිධාන සාධාරණයි කියල කියන්නේ නැහැ. සාධාරණ සටන් තියෙනවා. සමහරු පාරට බැහැලා ඔහෙ කරන්නම්වාලේ කරන උද්ඝෝෂණ රටට අහිතකරයි. එහෙම කළාම ආයෝජකයෝ මේ රටට එන්නේ නැහැ. අරගලය සාධාරණ හේතු මත විය යුතුයි. පෞද්ගලික අංශයේ උපරිම සේවා කාලය අවුරුදු පනස් පහ වැඩි විය යුතුයි.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා:-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැයි දිනේ උරුමයේ තියෙනවා. අද අපේ පක්ෂයට නායකත්වය දෙන්නේ කැත්ත උදැල්ල හුරු ගොවි පුතකුයි. පක්ෂයට සැබෑ නිදහස දෙන නායකයා ඔහුයි. අද නිල්පාට තියෙන්නේ ගැටඹේ පමණයි. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අද ඉන්නේ ගැටඹේයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අගමැති දි.මු. ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මැයි රැලියට සහභාගි වූහ.



අදහස් (14)

මා ජනපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ

Senarath Thursday, 04 May 2017 07:39 AM

හැමදාම ලොකු කතා නම් ඇහෙනවා, එත් රටට කෙරුණු වැඩක් නම් පෙන්න නැහැ . රුපියල දවසින් දවස පහලට යනවා, කෘෂි කර්මාන්තය කඩා වැටෙනවා කෝ මේවට විසදුම් ?

:       0       110

Pradeep Liyanage Friday, 05 May 2017 02:42 AM

ජන හමුවකදිනම් ඔයවගේ ලස්සන අදහස් හැමෝටම තියනවා. එත් බලයේ ඉදගෙනත් රටට ජනතාවට කරන වැඩක් නම් පේන්න නෑ. රට තව තවත් අගාධයකට යන බවක් තමයි පේන්න තියෙන්නේ. රුපියල අවප්‍රමාණය වෙන ආකාරයෙන්ම පේනවා අපේ ආර්ථිකයේ තත්වය. ගොවි පුතෙක් රට පාලනය කලාට රටේ කෘෂිකර්මාන්තය කඩාවැටිලා. මිනිස්සු කන්නේ බොන්නෙත් අමාරුවෙන්.

:       0       24

lalith Friday, 05 May 2017 05:09 PM

එහෙම තමයි ජනාධිපති තුමා. වඩුවා කවදාවත් තමන්ටම පුටුවක් හදාගන්නේ නැහැ. කරන්නේ අනුන්ට පුටු හදල දෙන එකනේ?

:       0       4

Danuska Friday, 05 May 2017 09:29 PM

සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා..

:       0       22

kumara Saturday, 06 May 2017 10:41 AM

මොලේ තියෙන කෙනෙක් ඉන්න එපායැ...

:       0       22

shan saudi Sunday, 07 May 2017 12:09 PM

බුද්ධාගමට ප්‍රමුඛ තැනක් නොදෙයි. නව ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ වැඩක්‌... එරික්‌ ගාමිණි ජිනප්‍රිය මහතා වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන වගන්තියෙන් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්‌ථානය වෙනස්‌ කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මඟින් විකල්ප 7 ක්‌ යෝජනා කර ඇති බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවැසීය. මෙම විකල්ප 7 මඟින් සෙසු ආගම් ද බුද්ධාගමට සමාන කිරීමක්‌ සිදුවන බැවින් බුද්ධාගමට මෙතෙක්‌ හිමිවූ ප්‍රමුඛස්‌ථානය ලබාදීම අහෝසි වන බව පවසන ඒ මහතා ඒ පිළිබඳව තවදුරටත් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ ලාල් විඡේනායක මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටු වාර්තාව එළි දැක්‌වීමෙන් පසුව එයට එරෙහිව මතුවූ විරෝධය සමනය කර ගැනීම සඳහා මහානායක හිමිවරුන්ට බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය ආරක්‍ෂා කරන බවට ලබාදුන් ප්‍රතිඥව මෙම අතුරු වාර්තාවේ සඳහන් විකල්ප 7 මඟින් කඩකර ඇති බවයි.

:       0       33

Chandra Monday, 08 May 2017 02:47 AM

අර කට්ටිය රුපියල් 2000.00 ගෙවල සෙනග අදිනවා . බුද්ධි අංශ දුර්වලයි.

:       14       0

Lapaya Monday, 08 May 2017 03:11 PM

පුටුවක් තනන්න කවුද ඡන්දෙ දෙන්නේ...

:       0       14

ranga Tuesday, 09 May 2017 08:48 AM

ඒ වගේම රටට වැඩ කරන්නත් නෙමෙයි නේද?

:       0       1

wije Tuesday, 09 May 2017 10:26 AM

එ්කනම් ඇත්ත, ඔබතුමාගෙන් පරම්පරාවට දේශපාලනයට එන්න ලැබෙන්නේ නැහැ කවදාවත් ... මොකද ඔබතුමා වගේ ජනපතිවරයෙක් මෙතෙක් ලැබිලා නැහැ. මහින්ද මහත්තය දියුණු කරගෙන ආව ලක්මවට මොකද වුණේ. කුමන්ත්‍රණය කරලා මහින්ද මහත්තයාව ඉවත් කරපු අයට දැන් උදව් කරනවද? දවසෙන් දවස වලපල්ලට යන ආර්ථිකය, දවසෙන් දවස සිංහල මිනිසා ඔබතුමාගෙන් ඇතට යනවා කියන එක තේරුම් ගන්න,

:       2       35

සෙනෙවි Thursday, 11 May 2017 05:39 AM

නමුත් පුටුවක් හදාවි කියලා එයා හිතාගෙන ඉන්න බව නං පේනවා...

:       0       1

Ranga Sunday, 14 May 2017 05:14 AM

ජනපතිතුමනි, සත්‍යවාදීවම ජාතිය වෙනුවෙන් දැන්වත් කටයුතු කරන්න.

:       0       1

Karuna mihindukula Thursday, 18 May 2017 09:19 AM

බුදුන්ගේ සිරි පා පහස ලැබූ දීඝවාපිය වැනි පුදබිම්, පුරාවිද්‍යාත්මක උරුමයන් ඩෝසර් කරද්දී නිහඬව සිටින, එහෙත් වැසිකිලියක් නැති නිසා එය හදා ගන්නට පන්සල් භූමියේ වළක් කැපීයැයි හාමුදුරුවන් අත් අඩංගුවට ගන්නා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් ඇති රටක, ඒගැන කතා කළොත් හාමුදුරුවන්ට පහරදෙන මිසදිටුවන් සිටින රටක, රාත්‍රි එළිවෙනතුරු කසිකබල් සංගීත ප්‍රසංගවලට ඉඩදෙන එහෙත් පිරිත් ප්‍රචාරය කළේයැයි හාමුදුරුවන් හිරේ දමන නරුම නීති පවතින රටක, ඒ සියළු දේ නොදන්නා සේ නිහඬව සිටින සහජීවනයේ නාමයෙන් එසේ කිරීම සාධාරණීකරණය කරන මිසදිටු නරුම ආංඩුවක් තිබෙන රටකට වෙන දේ දකින මට නින්දයන්නේ නෑ මගේ බුදුහාමුදුරුවනේ! අරක්කු බෝතලේට බත් පැකට් එකට කොළ, රතු, නිල් පාටට අපේ අය බෙදිලා මගේ බුදුහාමුදුරුවනේ!

:       0       5

de silva Saturday, 20 May 2017 10:35 PM

පුටු ,සිංහාසන මොකටද මහත්තයෝ... ඩඩ්ලි මහත්තයාට වගේ වීමෝල් වගේ දෙයක් තිබුනොත් ඇති පරම්පරා 3-4 ක් ගොඩ යන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 237 2

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2152 12

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1650 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6605 27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3889 27

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 3089 21

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 847 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site