
(බදුල්ලේ පාලිත ආරියවංශ)
මුදල්වලට , කසිප්පුවලට , අරක්කුවලට ඡන්දය විකිණෙන්නේ නැති වැඩ පිළිවෙලක් සහ මනාප පොරය පිටුදකින ජනතා අභිමතාර්ථයන් ඉටුවන සරල ඡන්ද ක්‍රමයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල පුරහලේදී අද (15) පැවැති උත්සවයකදී පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාපය ලබා අමාත්‍ය ධුරයක් හිමිකරගත් ඔහු පිළිගැනීම සඳහා මෙම උත්සවය සංවිධානය කරතිබිණි.
ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය .
‘‘දේශපාලනය රණ්ඩු සරුවල් කරගන්නා ස්ථානයක් බවට පත් කරගන්න එපා. දැන් අපේ රජයේ ප්‍රමුඛතාවයන් කීපයක් හඳුනාගෙන තිබෙනවා. පළමුවන දේ තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය...
19 වැනි ව්‍යවස්ථාවේ අනිසි තත්වය නොගැලපෙන තත්වය වෙනස් කරලා ඒකට සංශෝධනය කිරීම අපට ලබාදුන් වරමේ කොටසක්...ඒක ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ. ඒ සඳහා අපේ පූර්ණ සහයෝගය අපි රජයට ලබාදෙනවා.
නමුත් මගේ දේශපාලන න්‍යාය පත්‍රයේ තවත් දෙයක් තියෙනවා. මම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් බව ඇත්ත.. නමුත් මම මේ මනාප ක්‍රමයට කැමැති නැහැ.
මේ රටේ හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති කර ගන්න නම් අඩි දෙකහමාරක් දිග බැලට් පේප්ර් එකක් නැතිව සරල ඡන්ද ක්‍රමයක්, ජනතා මතය ප්‍රකාශ කිරීම සඳහා වඩා හොඳ මැතිවරණ නීති, ඇතිකර පක්ෂ ලියාපදිංචි කිරීම රුපියල් 50000ක්, 75000ක් දමා ස්වාධීන කණ්ඩායම් දැමීම නතර කරන්න ඕනෑ...‘‘ යැයි ඇමතිවරයා අවධාරණය කළේය.
මනාප ක්‍රමය වෙනුවට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීම තුළින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා වන බව සෑම මැතිවරණ කොට්ඨාශයකටම වගකියන මන්ත්‍රීවරයෙක් පත්වෙන බවත් සඳහන් කළ අතර මෙවැනි ක්‍රමවේදයක් පිළිබඳව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කාලාන්තරයක් තිස්සේ පාර්ලිමේන්තු කමිටුවේදී සාකච්ඡා කර සකස්කර ඇති බවද හෙතෙම අවධාරණය කළේය .
2025 නොවැම්බර් මස 04
522
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘මනාප ක්‍රමය නැති කර මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ගේනවා‘
de silva Sunday, 16 August 2020 09:54 AM
මිශ්‍ර ඡන්ද ක්‍රමය නොවේ... 1977ට පෙර තිබුණු කොට්ඨාශ ක්‍රමය නැවතත් ගෙනඑන්න.