(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවේ යෝජනාවක් නොවන බවත් 2006 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ගෙන ආ නීතියක් අනුව වැඩි වූ බව ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ සභානායක අධිනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද 04 මාතලේදී පැවැසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වතු කම්කරු ජනතාවට පර්චස් හතක ඉඩමක අයිතිය ලබා දිමේ “හරිත භුමි “වැඩසටහනේ දෙවන අදියර යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වතු ජනතාවට ඉඩම් ඔප්පු ලබා දිමේ උත්සවයට සහභාගි වෙමිනි.එම උත්සවය මාතලේ අඹගහ බස් නැවතුම්පළ අසලදී පැවැත්විණි.
මෙහිදි වැඩිදුරටත් දහස් දැක්වු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.
‘මන්ත්‍රිවරුන්ගේ පඩිය ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ පඩියට සමාන විය යුතුයි කියලා නීතියක් ගෙනාවා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් පසුගිය කාලයේ විනිසුරුවරුන්ගේ පඩිය වැඩි වුණ නිසා මන්ත්‍රිවරුන්ගේ පඩියත් මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ නීතිය අනුව වැඩි කරන්න සිද්ධ වුණා.
එතුමයි ඒ නිතිය ගෙනාවේ. මේ සම්බන්ධයෙන් ජුලි මාසේ 17 වැනිදා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවිට පක්ෂ නායකයෝ සියලුදෙනාම හිටියා. මේකට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. මේ අය තාම ක්‍රියාත්මක නැහැ.
අපි ජනතාවගේ ප්‍රශ්න දන්නවා. නමුත් ප්‍රතිපත්තිය පිළිගත්තේ සියලු පක්ෂ නායකයින්ගේ කැමැත්ත අනුවයි. පසුගිය ජනාධිපතිවරණයේදිත්, මහමැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ සදහන් කළා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් අපි සැම වතු පවුලකට පර්චස් 7ක ඉඩම් අයිතිය ලබා දෙනවා කියලා. 2015 ජනවාරි 8 වැනිදා යහපාලන ආණ්ඩුව ඇති කළා. එවකට වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස කැබිනට් පත්‍රිකාවක් දැම්මා. සෑම වතු පවුලකටම පර්චස් 7ක ඉඩම් අයිතිය ලබා දියයුතුයි කියලා. ඒ
යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු කැබිනට් මණ්ඩලයම සම්පූර්ණ අනුමැතිය දුන්නා. ඒ අනුව තමයි අපිට පුළුවන් වුණේ මේ සංකල්පය ඉදිරියට ක්‍රියාත්මක කරන්න.
මේක තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපිට උරුම කරලා ගියේ. අපි සිසු දරුදැරියන්ට සුරක්ෂා රක්ෂාණාවරණය දුන්නා. සමෘද්ධි සහනාධාරය වැඩි කළා. රාජ්‍ය සේවක පඩි වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. මේ ආර්ථිකය සකස් කරන්න...රාජ්‍ය බැංකු හරහා දැන් අපි ණය ලබා දිමට කටයුතු කරමින් පවතිනවා. අපි මාතලේටත් ඒ වැඩපිළිවෙල දියත් කරනවා. ඒ වගේම නකල්ස් රක්ෂිතයේ එක බිම් අඟලක්වත් හෝටල් හදන්න අපි දිලා නැහැ. මැප් එකෙන් බලන්න පුළුවන් තාක්ෂනය තියනවා. අපි රක්ෂිත හදුනාගෙන තියනවා. මේ කෑ ගහන අයට අමතක වෙලා තියනවා 1995 පොදුජන ආණඩුව කාලයේ ඉඩම් අක්කර ලක්ෂ 6ක් වික්ක බව.. ඒතකොට කවුරුත් කතා කළේ නැහැ. කවුරුත් කට ඇරියේ නැහැ. නකල්ස් රක්ෂිතය ගැන කතා කරන අය මේක තියන තැනවත් දන්නේ නැහැ. අපි ලාභ ලබන වතු විකුණන්නේ නැහැ‘‘ යැයි ඒ මහතා පැවසීය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න, පාර්ලිමෙන්තු මන්ත්‍රි වේලු කුමාර්,මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ඒ.එච්.එම් ඉබ්‍රාහිම්,මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ .මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා.ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති නෙලු විජේදාස.ඇල්කඩුව වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරි රෝෂාන්ත පෙරේරා. යන මහත්ම මහත්මින් ඇතුලු වතු ජනතාව විශාල පිරිසක් එක්වි සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහෙන් හොරෝ භාෂාව නොදමා වැටුප් වැඩිවීම ලබා ගන්නේ නැහැ කියලා දිව්රුම් සහතිකයක් පාර්ලිමේන්තුවට දෙන්න පුලුවන්ද කියා අපි මැති ඇමතිලාගෙන් අහනවා ?
හැබෑට? අපි දැනන් හිටියෙ නෑනෙ ඕනෙ ගොනෙක්ට පඩි වැඩිවීම් ඉල්ලන්න පුළුවන් කියල.
වැඩිපුර ඉන්නේ අටවත් පාස් නැති හාල්පාරුවෝ. මේ අම්බරුවෝ කොහොමද ඉහළ අධිකරණ වල ඉන්න විනිශ්චයකරවරුන්ට සමාන කරන්නේ..
ඔයාලා ගිය ආණ්ඩුව කරපු නාස්තිකාර වියදම් නවත්වනවා කියලා එහෙනම් මොන මොකටද නුඹලා පඩි වැඩිකර ගන්නේ.
වැරැද්ද කළේ මහින්ද රාජපක්ෂ කියලා එයාට දොස් කියකියා ඒකම කරන එක හරි වැඩක්ද? වහාම ඒ වැරැද්ද නිවැරදි කරන්න. ඒත් ඒකට හිත දෙන්නෙ නෑ නේද?
මෙයාලා දන්නේ නැහැ මොවුන්ව පත් කලේ පෙර අයගේ වැරදි නවත්තන්න කියලා. සේරම් කම්බ හොරු...
අනේ අම්මපා මේ අයට බනින්න තව වචන ටිකක් කියන්න...
අනේ එහෙනම් ව්‍යවස්ථාව වෙනස් කරා වගේ මේක වෙනස් කර ගන්න...
මම ජීවත්වෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ නම් මහජන ඡන්දයෙන් පත්වන අයගේ වැටුප් වැඩිවෙන්නේ මහඡන්දයකින් පසුවයි. ඒ ක්‍රමය තමා ලංකාවටත් හොඳ...