(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන ගඟට බිය වී පළාත් පාලන මැතිවරණය කල් තැබීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා නම් සල්ගාදු පිටියට නොදෙවිණි ජන ගඟක් සමඟ මැතිවරණය ඉල්ලා දිස්ත්‍රික් මට්ටමින් පාරට බැසීමට වුවද ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (17) පැවසීය.
යහපාලන ආණ්ඩුවේ අමාත්‍යධුර දරණ ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සමීපතයන් පිරිසක් විසින් පළාත් පාලන මැතිවරණය කල් තැබීම සඳහා අධිකරණයට යාම සම්බන්ධයෙන් ඔහු ගෙන් විමසු අවස්ථාවේ හෙතෙම මේ බව කීය.
අපි දැනගෙන හිටියා අනුරාධපුරයේ ජන රැලියෙන් පසුව පළාත් පාළන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවයි කියන එක.එදා අපි වේදිකාවෙත් මේ කතාව කිව්වා.අද එය සැබෑවක් බවට පත් වෙලා තිබෙනවා.ජන වරමක් නොමැතිව මැතිවරණයකට යන්නට බෑ තමයි.අපි ඒක පිළිගන්නවා.
මැතිවරණය ඉදිරියේ තබාගෙන මංගලගේ මංගල අයවැයෙන් ජනතාව අතරට යන්නට බලන් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ගමේ නායකයින්ගේ බලාපොරොත්තු සියල්ල මේ වන විට සුන් වෙලා ගිහින්.
දැන් අයවැයෙන් ගොවියාට කම්කරුවාට, රජයේ සේවකයාට සහනයක් ලැබුණේ නෑ. කුස්සියේ අර්බුදය දවසින් දවස වර්ධනය වෙනවා.ඒ තුළ ගමට බැස ගන්නට බැරි පාලකයින්ට මොන ගැටයකින් හෝ ඡන්දය කල් දමනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැතැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
COMMENTS
කෑම පරක්කුයි නේද හිටපු තුමා? රටේ නිකං ජරාව කකා ඉන්න පින්ගුත්තරයන්ට ලොකු රුදාවක් හැදිලා තියෙන්නෙ රට කන්න. අපි තමයි ලෝකෙ ඉන්න තකතීරුම අය... රටේ දේශීය අදායමෙන් වැඩි කොටසක් නිකමුන්ට කන්න දීලා උඩ බලන් ඉන්න.
තනතුරුවලට අවම සුදුසුකම් ඇති කෙනෙක්.... කොහොමද ගමක්, නගරයක්, දිස්ත්‍රික්කයක් දියුණු වෙන්නේ? පාරට බහින්න මොලේ තියන පිරිස මෝඩයින් සමග එකතුවෙන්නේ නැහැ.
වැඩිකල් නොගොහින් කට්ටියටම පාරට බහින්න වෙයි , අමුතුවෙන් බහින්න ඕනත් නැ, මිනිස්සුම පාරට ඇදල දායි වෙලාවට. මේ දගලන්නේ මොකටද කියල හැමෝම දන්නවා.
රට කන්න එන්න තියෙන හදිස්සිය. මිනිස්සු ඔක්කොම එකතුවෙලා මේ රට ඉක්මනිනින් ප්‍රතිපත්තියක් තියෙන රටක් නොකෙරුවොත් යන්නේ වලපල්ලටම තමයි. ඉක්මනින් සොමාලියාවක් ,සිම්බාබ්වේ වගේ වෙනවා සිකුරුයි. මොකක් දෝ පිනකට තවම යහතින් තියෙනවා හැබැයි කැරකෙන්නේ නම් වලපල්ලට